ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 17:14 - Sinhala New Revised Version

මාගේ මාලිගාවෙහි ද මාගේ රාජ්‍යයෙහි ද ඔහු සදහට ම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය’ “යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මාගේ මාලිගාවෙහි ද මාගේ රාජ්‍යයෙහි ද ඔහු සදහට ම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය’ ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාගේ ගෘහයෙහිද මාගේ රාජ්‍යයෙහිද ඔහු සදාකාලේටම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 17:14
7 හුවමාරු යොමු  

මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු ද මට පුත්‍රයෙක් වන්නේ ය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහ කළ ලෙස මම ඔහුගෙන් එය පහ නොකර,


මේ සියලු වචන ද මේ මුළු ප්‍රකාශනය ද නාතාන් දාවිත්ට දැන්වී ය.


මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.


එතුමාගේ නාමය සදහට ම පවතී වා! ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා! එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා! සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!


ඔහුගේ පෙළපත සදහට ම පවතින්නේ ය; ඔහුගේ සිහසුන මා අබියස හිරු මෙන් බබළන්නේ ය.


එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසී ව සිටි සේක. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසැක ව පවතිමු නම්, අපි උන් වහන්සේගේ ගෘහවාසීහු වම්හ.