Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 17:13 - Sinhala New Revised Version

13 මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු ද මට පුත්‍රයෙක් වන්නේ ය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහ කළ ලෙස මම ඔහුගෙන් එය පහ නොකර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු ද මට පුත්‍රයෙක් වන්නේ ය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහ කළ ලෙස මම ඔහුගෙන් එය පහ නොකර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහුද මට පුත්‍රයෙක්වන්නේය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහකළාක්මෙන් මම ඔහුගෙන් පහනොකර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:13
16 හුවමාරු යොමු  

මන්ද: “ඔබ මාගේ පුත්‍රයා ය; මම අද ඔබ ජනිත කෙළෙමි”යි කියාත්, “මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය” කියාත්, උන් වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළ සේක.


“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.


බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.


මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.


ඔහු මට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ සිංහාසනය ද මම සදහට ම ස්ථිර කරන්නෙමි.


ඒ නිසා උන් වහන්සේ ඔහු නසා, රජකම අහක් කොට ජෙස්සේගේ පුත් දාවිත්ට එය දුන් සේක.


සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ.


ඔබට පියෙක් වන්නෙමි. ඔබ ද මට දූපුත්තු වන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත.


එවිට, “මේ මාගේ පුත්‍රයාණෝ ය, මේ මා තෝරාගත් තැනැත්තාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි.


“උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක;


මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.


මාගේ මාලිගාවෙහි ද මාගේ රාජ්‍යයෙහි ද ඔහු සදහට ම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය’ “යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්