ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 16:4 - Sinhala New Revised Version

තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සේවය කිරීමටත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වර්ණනා කිරීමටත්, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සේවය කිරීමටත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වර්ණනා කිරීමටත්, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සේවයකිරීමටත් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වර්ණනාකිරීමටත් උන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියමකෙළේය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 16:4
25 හුවමාරු යොමු  

“නුඹ සමඟ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට නුඹෙන් පැවතෙන නුඹේ පෙළපත සමඟ ද, මාගේ ගිවිසුම පිහිටුවමි. මම නුඹේ ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපත්වල ද දෙවියන් වහන්සේ වන බවට මාගේ සදාතන ගිවිසුම පිහිටුවමි.


“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.


එහි ඔහු පූජාසනයක් ඉදි කර, ඊට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ යන අර්ථය ඇති ‘එල්-එලෝහේ-ඉශ්රායෙල්’ යන නාමය තැබී ය.


“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කරමින්,


තවද, දාවිත් කුඩා වීණා ද මහා වීණා ද අත්තල් ද යන තූර්ය භාණ්ඩවලින් ගායනා කරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමන්ගේ සහෝදරයන් වූ ගායකයන් නියම කරන ලෙස ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේ ය.


තවද, ඔහු ඉශ්රායෙල්වරුන් සියල්ලන්ගෙන් එක එක පුරුෂයාටත්, ස්ත්‍රියටත් රොටියක් ද මස් කෑල්ලක් ද වියළි මුද්‍රික පල කැටියක් ද බැගින් දුන්නේ ය.


ඒ අයගේ ප්‍රධානියා ආසාප් ය. ඔහු ළඟට ශෙකරියා, ජෙයීයෙල්, ෂෙමිරාමොත්, ජෙහියෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ ජෙයීයෙල් ය. මොවුහු වීණාවලින් ද මහා වීණාවලින් ද ගායනා කළහ. එහෙත්, ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්වී ය.


සමිඳුන්ට තුති පුදන්න; එතුමන් නම කියා අයැදින්න; ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න.


දාවිත් එලෙයාසර් පුත්‍රයන්ගෙන් ශාදොක් ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහිමෙලෙක් ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් සංවිධානය කෙළේ ය.


දාවිත් ද සේනාවේ අධිපතියෝ ද ආසාප්ගේත්, හේමන්ගේත්, ජෙදුතුන්ගේත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණා ද අත්තල් ද නාද කොට ගායනා කරමින්, දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ සේවය සඳහා තැනැත්තන් වෙන් කර තැබී ය. තමන්ගේ සේවයේ වැඩය කළා වූ ඒ මනුෂ්‍යයන්ගේ නාම ලේඛනය මෙසේ ය:


ගිවිසුම් කරඬුව පිහිටෙවු විට සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත් කරනු ලැබුවෝ මොවුහු ය.


එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද “උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය.


ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ.


ලෙවීවරුන්ගේ ප්‍රධානියන් වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මියෙල්ගේ පුත් ජේෂුවා ද තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇති ව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝ ය.


මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.


එතුමන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.


ඉශ්රායෙල් දෙවි සමිඳුන්ට සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ආමෙන් කියත් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


නපුර කරන අය ගැන නොකලකිරෙන්න; අදමිටුකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න.


අනේ දෙවිඳුනි! මා මුදාගත මැනව! අනේ සමිඳුනි! මට සහාය වීමට ඉක්මන් වුව මැනව!


ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් හට, දෙවි සමිඳුන් හට, පැසසුම් වේ වා! අරුමපුදුම දේ කරන්නේ එතුමාණෝ පමණක් ය.