ගීතාවලිය 70 - Sinhala New Revised Versionදාවිත්ගේ ගීයකි; සැමරීම පිණිස ය.විපතේ දී මොරගැසීම 1 අනේ දෙවිඳුනි! මා මුදාගත මැනව! අනේ සමිඳුනි! මට සහාය වීමට ඉක්මන් වුව මැනව! 2 මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී වියවුල් වෙත් වා! මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා! 3 “හහා, හහා” කියමින් මට සමච්චල් කරන්නෝ තමන්ට වන නින්දාව නිසා පසු බසිත් වා! 4 ඔබ සොයා එන්නෝ ප්‍රීති ප්‍රමෝදයෙන් සතුටු වෙත් වා! ඔබ දෙන විමුක්තියට ප්‍රේම කරන්නෝ ‘දෙවිඳාණෝ ශ්‍රේෂ්ඨ ය’යි නිතර ම කියත් වා! 5 එහෙත්, මම දිළිඳු ය; අසරණ ය. අනේ දෙවිඳුනි! මා වෙත කඩිනමින් වඩිනු මැනව! අනේ සමිඳුනි! ඔබ මාගේ පිහිට ද ගැළවුම්කරු ද වන බැවින් පමා නොවුව මැනව! |
Ceylon Bible Society
Ceylon Bible Society