“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කරමින්,
1 ලේකම් 16:36 - Sinhala New Revised Version ඉශ්රායෙල් දෙවි සමිඳුන් හට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ද, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළෝ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් දෙවි සමිඳුන් හට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ද, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළෝ ය. Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. මුළු සෙනඟද: ආමෙන් කියා ස්වාමීන්වහන්සේ වර්ණනාකළෝය. |
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කරමින්,
“තමන් වහන්සේ පොරොන්දු වූ සියල්ල හැටියට තමන් සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සාමය දුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ සිය මෙහෙකරු වූ මෝසෙස් ලවා පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක පොරොන්දුවක් වත් හිස් නො වී ය.
එස්රා අති උත්තම දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. මුළු සෙනඟ ද අත් ඔසවමින්, “එසේ ම වේ වා!” කියා හිස් නමා මුණින්තලා වී සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
පසුව ජේෂුවා ද කද්මීයෙල් ද බානී ද හෂබ්නෙයා ද ෂේරෙබියා ද හෝදියා ද ෂෙබනියා ද පෙතහියා ද යන ලෙවීවරු කතා කොට, “ඔබ නැඟිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්න. එසේ ය, සියලු ප්‍රශංසා හා වර්ණනා ඉක්මවා ඇති ඔබේ තේජාන්විත නාමයට ප්‍රශංසා වේවා”යි කී හ.
අපේ දෙවි සමිඳුනි, අප ගළවාගත මැනව; විජාතීන් අතරෙන් අප එක් රැස් කරගත මැනව. එවිට ඔබේ ශුද්ධ නාමයට තුති පුදන්නෙමු; ඔබ පසසමින් ප්‍රීති වන්නෙමු.
ඉශ්රායෙල් දෙවි සමිඳුන්ට සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ආමෙන් කියත් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
“එසේ ම වේ වා! සමිඳාණන් වහන්සේ එසේ කරන සේක් වා! ‘දේව මාලිගාවේ භාණ්ඩ ද අල්ලාගෙන යනු ලැබූ සියල්ලන් ද නැවත බබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙත් වා!’යි ඔබ කී දිවැස් වැකි සමිඳාණන් වහන්සේ ඉටු කරන සේක් වා!
ඔබ ආධ්‍යාත්මයෙන් තුති පුදන විට, එය පිළිබඳ උගැනුම නොලත් තැනැත්තා, ඔබ කියන්නේ කුමක් දැ යි නොදන්නා බැවින්, ඔබගේ තුති පිදීමට ‘ආමෙන්’ යයි කියන්නේ කෙසේ ද?
ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!
අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්,