ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 14:4 - Sinhala New Revised Version

ජෙරුසලමේ දී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන්;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෙරුසලමේ දී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන්;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෙරුසලමේදී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය;

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 14:4
15 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි.


ජෙරුසලමෙහි දී දාවිත්ට උපන් අයගේ නම් මේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන්, සලමොන්;


ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ, ඔහු අමතා, ‘මාගේ ස්වාමීන් වන රජතුමෙනි, සැබැවින් ම ඔබ පුත් සලමොන් මට පසු ව රජ වී ඔහු මාගේ සිහසුන අරා හිඳගන්නේ ය, කියා ඔබේ දාසී හට ඔබ දිවුරුම් දුන්නා නොවේ ද? එසේ නම්, අදොනියා රජ වී සිටින්නේ මන්දැ’යි ඔහුගෙන් අසන්න.


ඈ එතුමාට පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබේ දාසී හට ඔබ දිවුරමින්, ‘සැබැවින් ම ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගන්නේ ය’යි කීවෙහි ය.


එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.


සලමොන් තම පිය වූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර සමිඳාණන් වහන්සේට ප්‍රේම කෙළේ ය. තවද, ඔහු කඳු මත පූජාස්ථානවල පූජා සහ සුවඳ දුම් ඔප්පු කෙළේ ය.


දාවිත් ජෙරුසලමේ දී තවත් භාර්යාවන් පාවාගත්තේ ය. දාවිත්ට දාව තව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය.


ඉබ්හාර්, එලිෂුවා සහ එල්පෙලෙත්;


ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද,


ඔහු මෙ‍ලියාගේ පුත්‍රයා ය, ඔහු මෙ‍න්නාගේ පුත්‍රයා ය, ඔහු මත්තතාගේ පුත්‍රයා ය, ඔහු නාතන්ගේ පුත්‍රයා ය, ඔහු දාවිත්ගේ පුත්‍රයා ය,