1 ලේකම් 13:13 - Sinhala New Revised Version ඒ නිසා දාවිත් ගිවිසුම් කරඬුව තමා වෙත දාවිත්ගේ නුවරට නොගෙන, අන් අතකට හරවා, එය හිත්තීය ජාතික ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේ ය. Sinhala New Revised Version 2018 ඒ නිසා දාවිත් ගිවිසුම් කරඬුව තමා වෙත දාවිත්ගේ නුවරට නොගෙන, අන් අතකට හරවා, එය හිත්තීය ජාතික ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේ ය. Sinhala Revised Old Version ඒ නිසා දාවිත් ගිවිසුම් පෙට්ටිය තමා වෙතට දාවිත්ගේ නුවරට නොගෙන අහකට හරවා, එය ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය. |
ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය.
ඔවුන් සමඟ දොරටු පාලකයන් කොට තමන්ගේ බාල සහෝදරයන් වන ශෙකරියා ද බෙන් ද ජයසීයෙල් ද ෂෙමිරාමොත් ද ජෙයීයෙල් ද උන්නී ද එලියාබ් ද බෙනායා ද මයසේයා ද මත්තිතියා ද එලීපෙලේහු ද මික්නේයා ද ඕබෙද්-ඒදොම් ද ජෙයීයෙල් ද පත් කළෝ ය.
මෙසේ දාවිත් හා සියලු ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද සහශ්‍රාධිපතීහු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිණිස ප්‍රීතියෙන් ගියෝ ය.
ඒ අයගේ ප්‍රධානියා ආසාප් ය. ඔහු ළඟට ශෙකරියා, ජෙයීයෙල්, ෂෙමිරාමොත්, ජෙහියෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ ජෙයීයෙල් ය. මොවුහු වීණාවලින් ද මහා වීණාවලින් ද ගායනා කළහ. එහෙත්, ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්වී ය.
ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය;
මොවුහු සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ ය. ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද සේවයට බලවන්ත ව, ශක්තිමත් ව සිටියෝ ය. මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝ ය.