සාවුල්ගේ සහෝදරයන් වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් තුන්දහසක් ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂ ව සිටියෝ ය.
1 ලේකම් 12:2 - Sinhala New Revised Version ඔව්හු දකුණතින් ද වමතින් ද ගල්විසි කරන්නත්, දුන්නෙන් ඊ ගස් විදින්නත් පුරුදු දුනුවායන් ව, බෙන්ජමින්ගේ වංශයට අයිති වූ සාවුල්ගේ සහෝදරයන් ව සිටියෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු දකුණතින් ද වමතින් ද ගල්විසි කරන්නත්, දුන්නෙන් ඊ ගස් විදින්නත් පුරුදු දුනුවායන් ව, බෙන්ජමින්ගේ වංශයට අයිති වූ සාවුල්ගේ සහෝදරයන් ව සිටියෝ ය. Sinhala Revised Old Version ඔව්හු දකුණතින්ද වමතින්ද ගල් විසිකරන්ටත් දුන්නෙන් ඊගස් විදින්ටත් පුරුදු දුනුවායෝව, බෙන්යමින්හි සාවුල්ගේ සහෝදරයෝව සිටියෝය. |
සාවුල්ගේ සහෝදරයන් වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් තුන්දහසක් ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂ ව සිටියෝ ය.
එනම්, ප්‍රධානියා වූ අහියේසෙර් සහ ජෝවාෂ් ය. ඔව්හු ගිබියාහි ෂෙමායාගේ පුත්‍රයෝ ය. අශ්මාවෙත්ගේ පුත්‍රයන් වූ ජෙසීයෙල් සහ පෙලෙට් ය; බෙරාකා ය; අන්තෝතිය ජේහු ය.
ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයන් ව, දුනුකාරයන් ව සිටියෝ ය. ඔවුන්ට පුත්‍රයෝ ද පුත්‍රයන්ගේ පුත්‍රයෝ ද බොහෝ දෙනෙක් එනම්, එකසියපණහක් සිටියෝ ය. මේ සියල්ලෝ බෙන්ජමින්ගේ පුත්‍රයෝ ය.
මේ මුළු සෙනඟ අතර තෝරාගත් වමත හුරු මිනිස්සු සත්සියයක් වූ හ. ඔව්හු සියල්ලෝ ම කෙස් ගසක් පමණ වත් නොවරදා ගල් පටියකින් ගල් විදින්නට දක්ෂ අය ය.
එහෙත්, ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට එවා වදාළ සේක. ඔහු වූ කලී බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ඒහුද් ය. ඔහු වමත හුරු මිනිසෙක් විය. ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට ඒහුද් අත කප්පම් යැවූ හ.
මල්ලේ අත දමා එයින් ගලක් ගෙන, එය ගල් පටියෙන් විද්දේ ය. ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී නළල ඇතුළට කා වැදුණේ ය. පිලිස්තියයා මුණින්තළා බිමට වැටිණි.