Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:49 - Sinhala New Revised Version

49 මල්ලේ අත දමා එයින් ගලක් ගෙන, එය ගල් පටියෙන් විද්දේ ය. ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී නළල ඇතුළට කා වැදුණේ ය. පිලිස්තියයා මුණින්තළා බිමට වැටිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 මල්ලේ අත දමා එයින් ගලක් ගෙන, එය ගල් පටියෙන් විද්දේ ය. ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී නළල ඇතුළට කා වැදුණේ ය. පිලිස්තියයා මුණින්තළා බිමට වැටිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

49 මල්ලේ අතදමා එයින් ගලක් අරන්, ඒක ගල්පටියෙන් විද්දේය; ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී ඔහුගේ නළලේ ගිලී ඔහු මුහුණින් බිම වැටුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:49
6 හුවමාරු යොමු  

එහෙත්, ජේහු මුළු ශක්තියෙන් දුන්න ඇද ජෝරාම්ගේ පිට මැදට විද්දේ ය. ඊ ගහ ඔහුගේ හෘදය පසා කරගෙන පිට විය. ඔහු රථයෙහි ඇද වැටුණේ ය.


එහෙත්, එක් මනුෂ්‍යයෙක් අහම්බෙන්‍ දුන්න තැත්කවා ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රියැදුරාට කතා කොට, “ඔබ ආපසු හැරී මා යුද්ධයෙන් පිටතට ගෙනයන්න, මට බොහෝ‍ තුවාළ ය”යි කී ය.


පිලිස්තියයා යළිත් දාවිත්ට විරුද්ධ ව ගමන් කෙළේ ය. දාවිත් විගසින් පිලිස්තියයාට විරුද්ධ ව සේනාව දෙසට දුව ගොස්,


මෙසේ දාවිත් කඩුවක් නැති ව ගල් පටියෙන් ද ගලෙන් ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහර දී, ඔහු මැරුවේ ය.


ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්