ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 11:22 - Sinhala New Revised Version

බොහෝ වීර ක්‍රියා කළ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත් ජෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි ශ්‍රේෂ්ඨ සෙබළුන් දෙදෙනා මැරුවේ ය. ඔහු හිම වැටෙන දවසක දී වළකට බැස ගොස් එහි ඇතුළේ සිටි සිංහයෙකු මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බොහෝ වීර ක්‍රියා කළ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත් ජෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි ශ්‍රේෂ්ඨ සෙබළුන් දෙදෙනා මැරුවේ ය. ඔහු හිම වැටෙන දවසක දී වළකට බැස ගොස් එහි ඇතුළේ සිටි සිංහයෙකු මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බලවත් ක්‍රියාවල් කළාවූ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී බැස ගොස් වළක් ඇතුළෙහි සිංහයෙකුත් මැරුවේය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 11:22
15 හුවමාරු යොමු  

සාවුල් හා ජොනතන් ජීවත් ව සිටිය දී සෙනෙහසින් හා සතුටින් බැඳී සිටියහ. ජීවිතේ දී හෝ මරණයේ දී හෝ ඔවුහු වෙන් නො‍ වූ හ. ඔවුහු රාජාලීන්ට වඩා වේගවත් වූ හ; සිංහයන්ට වඩා බලවත් වූ හ.


ජෝවාබ් මුළු ඉශ්රායෙල් සේනාවට අධිපතියා ය. ජෙහොයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් අධිපතියා ය.


ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.


මෙසේ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජොහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද ගොස්, දාවිත් රජුගේ කොටළුවා පිට සලමොන් නංවාගෙන ගීහොන් නම් ස්ථානයට පැමිණියහ.


එහෙත්, ශාදොක් පූජකවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද දිවැසිවර නාතාන් ද ෂිමෙයි සහ රේයි යන අය ද දාවිත්ගේ ආරක්ෂක පිරිස ද අදොනියා සමඟ නො වූ හ.


බෙනායා සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වී, “පිටතට එන්න කියා රජ තෙම කියන්නේ ය”යි ඔහුට කී ය. “මම නො එමි, මම මෙතැන ම නසින්නෙමි”යි ඔහු කී විට, බෙනායා ගොස්, ජෝවාබ් එලෙස පිළිතුරු දුන්නේ යයි රජුට කීවේ ය.


තිස්දෙනාට වඩා ප්‍රසිද්ධ වූයෙන් ඔහු ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නමුත්, ඔහු පළමු වන තුන්දෙනා තරම් ප්‍රසිද්ධියට නොපැමිණියේ ය.


බලවන්ත යෞවනයෙකු වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක් ය.


ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන් ව ගොස් දාවිත් වෙත පාළුකරයේ බලකොටුවට එක් වූවෝ ය. ඔව්හු යුද්ධයට පුහුණු වූ, පලිහත් හෙල්ලයත් දරන්න සමර්ථ වූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇති වේගවත්කමින් කඳුවල තිත් මුවන්ට සමාන වූ මනුෂ්‍යයෝ ය.


දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා ජුදා ජනයාගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුර වූ නගර නම්: කබ්ශෙයෙල් ද ඒදෙර් ද ජාගුර් ද