දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය.
1 රාජාවලිය 8:3 - Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් පැමිණි කල පූජකවරු ගිවිසුම් කරඬුව උසුලාගත්හ. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් පැමිණි කල පූජකවරු ගිවිසුම් කරඬුව උසුලාගත්හ. Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් ආ කල පූජකයෝ ගිවිසුම් පෙට්ටිය උසුලාගත්තෝය. |
දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය.
පූජකවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන දේව මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නිසි තැන එය තැබූ හ.
එවිට දාවිත් කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නටත්, හැම කල්හි ම උන් වහන්සේට සේවය කරන්නටත් සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නට ඔවුන්ට මිස වෙන කාට වත් යුතු නැතැ”යි කීවේ ය.
“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.
එහෙත්, ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළ ව කොහාත්ගේ දරුපරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කර පිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේ ය.
මෝසෙස් මේ නීතිය ලියා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය ලෙවීගේ වංශයේ පූජකයන්ට ද ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන්ට ද භාර දුන්නේ ය.
සෙනඟට කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න.
ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.
ජොර්දාන් ගඟ මැද ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් පය ගැසූ ස්ථානයෙහි ද ජෝෂුවා ගල් දොළොසක් තැබී ය. ඒවා අද දක්වා එහි තිබේ.
එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය.