ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය.
1 රාජාවලිය 8:1 - Sinhala New Revised Version එවිට සලමොන් රජ දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල් ජනයාගේ පිය පෙළපත්වල අධිපතීන් වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද තමන් වෙත ජෙරුසලමට රැස් කෙළේ ය. Sinhala New Revised Version 2018 එවිට සලමොන් රජ දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල් ජනයාගේ පිය පෙළපත්වල අධිපතීන් වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද තමන් වෙත ජෙරුසලමට රැස් කෙළේ ය. Sinhala Revised Old Version එවිට සාලමොන් දාවිත්ගේ නුවරවූ සියොනේ සිට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද සාලමොන් රජු වෙතට යෙරුසලමට රැස්කෙරෙවුවේය. |
ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය.
සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.
මෙසේ දාවිත් හා සියලු ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද සහශ්‍රාධිපතීහු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිණිස ප්‍රීතියෙන් ගියෝ ය.
සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණෙන විට, සාවුල්ගේ දුව වූ මීකල් කවුළුවෙන් බලා දාවිත් රජ ප්‍රීතියෙන් ප්‍රමුදිත ව නටනු දැක, ඈ සිතින් ඔහු හෙළා දැක්කා ය.
දාවිත් තමා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පිළියෙළ කළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ජෙරුසලමට රැස් කෙළේ ය.
දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ පංතිවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය.
ඉන්පසු හෙසකියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන පිණිස ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන්න කියා ඉශ්රායෙල් රට හා ජුදා දේශය මුළුල්ලෙහි දන්වා යැවී ය. එප්‍රායිම් ජනයාට සහ මනස්සේ ජනයාටත් ලියුම් ලියා යැවී ය.
හත් වන මාසය වන විට, ඉශ්රායෙල් සෙනඟ තම තමන්ගේ නගරවල පදිංචි වී සිටියහ. එකල ඔව්හු එක් කෙනෙකු මෙන් ජෙරුසලමට රැස් වූ හ.
සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න; මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න.
ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’
ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි. එය වැඩිදුර නොවේ; මාගේ ජය ප්‍රමාද නොවේ. මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”
ඔහු සියලු ඉශ්රායෙල්වරුන් එනම්, ඔවුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවා, ඔවුන්ට මෙසේ කීවේ ය: “මම මහලු ව, වයෝවෘද්ධ ව සිටිමි.
ඉන්පසු ජෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස් කරවා, ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවී ය. ඔව්හු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියෝ ය.
එබැවින්: “බලන්න, තෝරාගත් ඉතා අනගි, කොණේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි; උන් වහන්සේ අදහන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේ ය”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.