එක එක රථයට ලෝකඩ රෝද සතරක් ද ලෝකඩ අලවංගු ද විය. ඒවායේ සතර කොනේ ආධාර කණු ද මේවාට උඩින් සෝදන භාජනය ද විය. මේ ආධාර කණු එක එක පැත්තේ මාලා ඇති ව වාත්තු කළ ඒවා විය.
1 රාජාවලිය 7:31 - Sinhala New Revised Version පේකඩය ඇතුළෙත්, ඉහළත් සෝදන භාජනයේ කට හරහා සෙන්ටිමීටර් හතළිස්පහක් විය. රථයක මෙන් වැඩ ඇති ව එහි කට වටකුරු ව සෙන්ටිමීටර් හැටහයක් උස ව තිබිණි. එහි කට පිට කැටයම් වැඩ තිබිණි. එහෙත්, ඒවායේ පනේල වටකුරු ව නොව සතරැස් ව තිබිණි. Sinhala New Revised Version 2018 පේකඩය ඇතුළෙත්, ඉහළත් සෝදන භාජනයේ කට හරහා සෙන්ටිමීටර් හතළිස්පහක් විය. රථයක මෙන් වැඩ ඇති ව එහි කට වටකුරු ව සෙන්ටිමීටර් හැටහයක් උස ව තිබිණි. එහි කට පිට කැටයම් වැඩ තිබිණි. එහෙත්, ඒවායේ පනේල වටකුරු ව නොව සතරැස් ව තිබිණි. Sinhala Revised Old Version පේකඩය ඇතුළෙත් ඉහලත් ඒකේ කට හරහා රියනක් විය. කුළුනු අඩියක වැඩ ඇතුව ඒකේ කට වටකුරුව රියන් එකහමාරක් උසව තිබුණේය. ඒකේ කට පිට කැටයම් වැඩ තිබුණේය, නුමුත් ඒවායේ පනේල වටකුරුව නොව සතරැස්ව තිබුණේය. |
එක එක රථයට ලෝකඩ රෝද සතරක් ද ලෝකඩ අලවංගු ද විය. ඒවායේ සතර කොනේ ආධාර කණු ද මේවාට උඩින් සෝදන භාජනය ද විය. මේ ආධාර කණු එක එක පැත්තේ මාලා ඇති ව වාත්තු කළ ඒවා විය.
රෝද සතර පනේලවලට යටින් තිබිණි. රෝදවල අලවංගු රථවලට යා කර තිබිණි. එක එක රෝදයේ උස සෙන්ටිමීටර් හැටහයක් ය.