මාලිගාවේ ඇතුළත කැකිරි වැල් ද පිපුණු මල් ද කැටයම් කළ කිහිරි ලීවලින් වසා තිබුණු බැවින්, මුළු මාලිගාව ම කිහිරි ලීයෙන් විය. කිසි ගලක් පෙනෙන්නට නොතිබිණි.
1 රාජාවලිය 7:26 - Sinhala New Revised Version එහි ගනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේ ය. එහි ජල ප්‍රමාණය ලීටර් හතළිස්දහසක් පමණ විය. Sinhala New Revised Version 2018 එහි ගනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේ ය. එහි ජල ප්‍රමාණය ලීටර් හතළිස්දහසක් පමණ විය. Sinhala Revised Old Version ඒකේ ඝනකම අල්ලක පළලය; ඒකේ ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේය. එහි බාත් දෙදාහක් ඇල්ලුවේය. |
මාලිගාවේ ඇතුළත කැකිරි වැල් ද පිපුණු මල් ද කැටයම් කළ කිහිරි ලීවලින් වසා තිබුණු බැවින්, මුළු මාලිගාව ම කිහිරි ලීයෙන් විය. කිසි ගලක් පෙනෙන්නට නොතිබිණි.
ඔලීව ලීවලින් සෑදූ ඒ දොරවල් දෙකේ ඔහු කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කැටයම් කර, රන් ආලේප කර, කෙරුබ්වරුන්ගේ රූප හා තල් ගස් පිටත් රන් ගෑවේ ය.
ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.
ශාලාවේ කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවල මානෙල් මල් වැඩ මීටර් එකයි දශම අටක් සාදා තිබිණි.
වතුර පොකුණ ගව රූප දොළොසක් පිට තබා තිබිණි. තුනක් උතුරු දෙසට ද තුනක් බස්නාහිර දෙසට ද තුනක් දකුණු දෙසට ද තුනක් නැගෙනහිර දෙසට ද හැරී තිබිණි. වතුර පොකුණ ඒ රූපවලට උඩින් ඒවා පිට තබා තිබිණි. රූපවල පිටුපස කොටස් සියල්ල ම ඇතුළට විය.
ඔහු රථ දසයක් ලෝකඩින් සෑදී ය. එක එක රථයේ දිග මීටර් එකයි දශම අටකි. පළල මීටර් එකයි දශම අටකි. උස මීටර් එකයි දශම තුනකි.
තවද, සේදීම පිණිස ලෝකඩ භාජන දසයක් ඔහු සෑදුවේ ය. එක එක භාජනයේ වතුර ප්‍රමාණය ලීටර් අටසියයක් බැගින් විය. එක එක භාජනය මීටර් එකයි දශම අටක් පළල ය. රථ දසයෙන් එක එක රථය පිට භාජනයක් බැගින් තිබිණි.
එහි ඝනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය කුසලාන් ගැටියක හැඩේට මෙන් මානෙල් මලක් ලෙස සාදා තිබිණි. එහි වතුර ප්‍රමාණය ලීටර් හැටදහසක් පමණ විය.
තවද, එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල ඇති පටියක් සවි කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතු වේ.
ඒ එක් එක් කුළුණේ උස මීටර් අටකි. ඒ වටේට මීටර් පහයි දශම තුනක පටියක් තිබුණේ ය. එහි ඝනකම මිලි මීටර් හැත්තෑපහක් ය. එහි ඇතුළ කුහරයක් විය.
“බාත් එකකට හෝමෙර් දසයෙන් කොටසක් ද ඒපාවට හෝමෙර් දසයෙන් කොටසක් ද හෝමෙර් එකක් ලීටර් එකසිය හැත්තෑපහක් ද අල්ලන පිණිස ඒපාව හා බාත් එක ප්‍රමාණය වන්නේ ය. ඒවායේ ප්‍රමාණය හෝමෙර්ට හරි ව තිබේ වා.
තෙල් සම්බන්ධ නියමය නම්, ගස්වලින් ලැබෙන තෙල් ප්‍රමාණයෙන් සියයෙන් කොටසකි. හෝමෙර් එකක් බාත් දහයකි; හෝමෙර් එක කොර් එකකි.