Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:26 - Sinhala Revised Old Version

26 ඒකේ ඝනකම අල්ලක පළලය; ඒකේ ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේය. එහි බාත් දෙදාහක් ඇල්ලුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එහි ගනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල්‍ මලක් ලෙස සාදන ලද්දේ ය. එහි ජල ප්‍රමාණය ලීටර් හතළිස්දහසක් පමණ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එහි ගනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල්‍ මලක් ලෙස සාදන ලද්දේ ය. එහි ජල ප්‍රමාණය ලීටර් හතළිස්දහසක් පමණ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:26
12 හුවමාරු යොමු  

ඒකේ ඝනකම අල්ලක පළලය; ඒකේ ගැටිය කුසලාන් ගැටියක වැඩ මෙන් මානෙල් මලක් ලෙස සාදා තිබුණේය. එහි බාත් තුන්දහසක් ඇල්ලුවේය.


තෙල් සම්බන්ධ නියමය නම්: බාත් දසයක් අඩංගුවූ හෝමෙර වන කෝරකින් බාතෙන් දසයෙන් පංගුවක් දිය යුතුය; හෝමෙරට බාත් දසයක් වේ.


ඒ කුළුනුවලින් එක එක කුළුනේ උස දහඅට රියනක්ය; ඒ වටේට දොළොස් රියන් පටියක් තිබුණේය; එහි ගනකම අඟල් සතරක්ය. ඒක කුහරව තිබුණේය.


තවද සේදීම පිණිස පිත්තල භාජන දශයක් ඔහු සෑදුවේය. එක එක භාජනයේ බාත් සතළිසක් ඇල්ලුවේය. එක එක භාජනය රියන් හතරක් පළලය. අඩි දසයෙන් එක එක අඩිය පිට භාජනයත් තිබුණේය.


ශාලාවේ කුළුනු මුදුන් පිට තිබුණ පේකඩවල මානෙල් වැඩ සතර රියනක් සාදා තිබුණේය.


ඔහු ඒවායේ කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කපා ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේය.


වල් ඔලීව ලීවලින් සෑදූ ඒ දොර දෙකේ ඔහු කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කැටයම්කර, රනින් වසා, කෙරුබ් හා තල් ගස් පිටත් රත්රන් ගෑවේය.


ගෘහයේ ඇතුළත කැකිරි වැල්ද පිපුණු මල්ද කැටයම්කළ කිහිරි ලීවලින් වසා තිබුණේය. මුළුල්ලම කිහිරි ලීය; කිසි ගලක් පෙනෙන්ට නොතිබුණේය.


වටකරින් ඊට අල්ලක පළල ඇති පටියක්ද සාදා ඒ පටිය වටේ රන් ලීස්තරයක් සාදන්න.


එය ගව රූප දොළොසක් පිට තබා තිබුණේය, තුනක් උතුරු දෙසටද තුනක් බස්නාහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගෙනහිර දෙසටද හැරී තිබුණේය. ජලාධාරය ඒවාට උඩින් ඒවා පිට තබා තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය.


ඔහු අඩි දසයක් පිත්තලෙන් සෑදුවේය; එක එක අඩියේ දිග සතර රියනක්ය, පළල සතර රියනක්ය, උස තුන් රියනක්ය.


බාතට හෝමෙරෙන් දසයෙන් කොටසක්ද ඒඵාවට හෝමෙරෙන් දසයෙන් කොටසක්ද අල්ලන පිණිස ඒඵාව හා බාත එක ප්‍රමාණය වන්නේය. ඒවායේ ප්‍රමාණය හෝමෙරට හරිව තිබේවා. ෂෙකෙලට ගේරා විස්සක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්