එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත.
1 රාජාවලිය 5:18 - Sinhala New Revised Version සලමොන්ගේ වඩුවෝ ද හීරාම්ගේ වඩුවෝ ද ගෙබලිවරු නම් ජනයා ද ඒවා කැපුවෝ ය. මෙසේ දේව මාලිගාව තැනීමට ඔව්හු ලී දඬු ද ගල් ද සූදානම් කළෝ ය. Sinhala New Revised Version 2018 සලමොන්ගේ වඩුවෝ ද හීරාම්ගේ වඩුවෝ ද ගෙබලිවරු නම් ජනයා ද ඒවා කැපුවෝ ය. මෙසේ දේව මාලිගාව තැනීමට ඔව්හු ලී දඬු ද ගල් ද සූදානම් කළෝ ය. Sinhala Revised Old Version සාලමොන්ගේ වඩුවෝද හීරාම්ගේ වඩුවෝද ගෙබලිවරුද ඒවා කැපුවෝය, මෙසේ ගෘහය තැනීමට ඔව්හු ලී දඬුද ගල්ද සූදානම්කළෝය. |
එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත.
තවද, දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස් කරන්න අණ කොට, දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස හතරැස් හැඩේට ගල් කපන්න ගල් වඩුවන් පත් කෙළේ ය.
මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.
ගෙබල්හි ප්රජා මූලිකයෝ ද එහි ශිල්පීහු ද නුඹ තුළ නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නෝ වූ හ. නුඹ සමඟ වෙළෙඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව් ද ඒවා යාත්රා කරන්නෝ ද නුඹ තුළ සිටියෝ ය.
ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා මුළු ලෙබනොන් ප්රදේශයත් ය.