ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 4:28 - Sinhala New Revised Version

ඔව්හු එකිනෙකා තම තමාට නියම වී තිබුණු ලෙස රථ අදින අසුන්ටත්, බර අදින සතුන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවෝ‍ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු එකිනෙකා තම තමාට නියම වී තිබුණු ලෙස රථ අදින අසුන්ටත්, බර අදින සතුන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවෝ‍ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් එකිනෙකා තම තමාට නියමවී තිබුණු හැටියට අශ්වයන්ටත් සෛන්ධවයන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 4:28
4 හුවමාරු යොමු  

ඒ නිලධාරීහු එකිනෙකා තම තමාට නියම මාසයේ දී සලමොන් රජුට ද ඔහුගේ කෑම මේසයට පැමිණි සියල්ලන්ට ද කිසිවක් අඩු වන්න ඉඩ නෑර ආහාර සපයා දුන්නෝ ය.


ඔහු අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, රජුගේ අස් හලේ උපන්, රාජ සේවයෙහි යෙදූ, ශීඝ්‍රයෙන් ගමන් කළ සෛන්ධවයන් පිට නැඟී යන පණිවුඩකාරයන් අත ලියුම් යැවී ය.


පණිවුඩකාරයෝ රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍රයෙන් ගමන් කරන සෛන්ධවයන් පිට නැඟී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත් ව ගියෝ ය. ඒ නියෝගය සූසා නම් අගනුවර ද ප්‍රසිද්ධ කරන ලදී.


අහෝ ලාකීෂ්හි වැසියෙනි! නුඹලාගේ අශ්වයන් රථවල බැඳගන්න; සියොන් පුරඟනගේ පාපයේ පටන්ගැන්ම මෙය විය. මන්ද, ඉශ්රායෙල් කළ පාපය ම නුඹත් කර ඇත.