Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:28 - Sinhala Revised Old Version

28 ඔවුන් එකිනෙකා තම තමාට නියමවී තිබුණු හැටියට අශ්වයන්ටත් සෛන්ධවයන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔව්හු එකිනෙකා තම තමාට නියම වී තිබුණු ලෙස රථ අදින අසුන්ටත්, බර අදින සතුන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවෝ‍ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔව්හු එකිනෙකා තම තමාට නියම වී තිබුණු ලෙස රථ අදින අසුන්ටත්, බර අදින සතුන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවෝ‍ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:28
4 හුවමාරු යොමු  

අහෝ ලාකීෂ්හි වාසයකරන්නිය, ශීඝ්‍ර අශ්වයා රථයේ බඳින්න. ඈ වනාහි සියොන් දුවට පාපයේ පටන්ගැන්මය; මක්නිසාද ඉශ්‍රායෙල්ගේ වරද නුඹ තුළ සම්බවිය.


පණිවිඩකාරයෝ රාජසේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත්ව ගියෝය; ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය.


ඔහු අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුදුවෙන් මුද්‍රාකොට, රජුගේ අස්හළේ උපන් රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගීයන පණිවිඩකාරයන් අත ලියුම් හැරියේය.


ඒ මුලාදෑනීන් එකිනෙකා තම තමාට නියම මාසයේදී සාලමොන් රජුටද සාලමොන් රජුගේ මේසයට ආවාවූ සියල්ලන්ටද කිසිවක් අඩුවෙන්ට ඉඩ නෑර ආහාර සපයාදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්