1 රාජාවලිය 4:27 - Sinhala New Revised Version ඒ නිලධාරීහු එකිනෙකා තම තමාට නියම මාසයේ දී සලමොන් රජුට ද ඔහුගේ කෑම මේසයට පැමිණි සියල්ලන්ට ද කිසිවක් අඩු වන්න ඉඩ නෑර ආහාර සපයා දුන්නෝ ය. Sinhala New Revised Version 2018 ඒ නිලධාරීහු එකිනෙකා තම තමාට නියම මාසයේ දී සලමොන් රජුට ද ඔහුගේ කෑම මේසයට පැමිණි සියල්ලන්ට ද කිසිවක් අඩු වන්න ඉඩ නෑර ආහාර සපයා දුන්නෝ ය. Sinhala Revised Old Version ඒ මුලාදෑනීන් එකිනෙකා තම තමාට නියම මාසයේදී සාලමොන් රජුටද සාලමොන් රජුගේ මේසයට ආවාවූ සියල්ලන්ටද කිසිවක් අඩුවෙන්ට ඉඩ නෑර ආහාර සපයාදුන්නේය. |
ඔව්හු එකිනෙකා තම තමාට නියම වී තිබුණු ලෙස රථ අදින අසුන්ටත්, බර අදින සතුන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවෝ ය.
අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට තමන්ගේ නිල සේවාවන් මාරුවෙන් මාරුවට ඉටු කළා වූ ද පංතිවල සියලු කාරණා ගැන රජුට සේවය කළා වූ ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේත්, සහශ්‍රාධිපතීන්ගේත්, ශතාධිපතීන්ගේත්, ඔවුන්ගේ මුලාදෑනීන්ගේත් ගණන නම්, එක එක පංතියට විසිහතරදහසක් ය.
ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය.