ගණනින් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම්, නුඹේ පෙළපත ද ගණන් කළ හැකි වේ.
1 රාජාවලිය 3:8 - Sinhala New Revised Version ගණන් කළ නොහැකි අසංබ්‍ය සමූහයක් වන ඔබ විසින් තෝරාගනු ලැබූ ඔබේ සෙනඟ මැද ඔබේ දාසයා සිටියි. Sinhala New Revised Version 2018 ගණන් කළ නොහැකි අසංබ්‍ය සමූහයක් වන ඔබ විසින් තෝරාගනු ලැබූ ඔබේ සෙනඟ මැද ඔබේ දාසයා සිටියි. Sinhala Revised Old Version ඔබගේ මෙහෙකරුවා වනාහි ගණන්කරන්ටවත් ගණන කියන්ටවත් බැරි තරම් මහත් සමූහයක්වූ ඔබ විසින් තෝරාගත් ඔබගේ සෙනඟ මැද සිටියි. |
ගණනින් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම්, නුඹේ පෙළපත ද ගණන් කළ හැකි වේ.
සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, “අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක.
මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.
ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධික ව සිටියෝ ය. ඔව්හු කමින්බොමින් ප්‍රීතිවෙමින් පසු වූ හ.
දාවිත් ජෝවාබ්ටත්, සෙනඟගේ අධිපතීන්ටත් කතා කොට, “මට සෙනඟගේ ගණන දැනගන්න පිණිස ඔබ ගොස් බෙයර්-ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන් කර ඔවුන්ගේ සංබ්‍යාව මට දන්වන්නැ”යි කීවේ ය.
සිය උරුමය ද ජාකොබ්ගේ පරපුර ද වන ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා එතුමාණෝ බැටළුවන් රැකබලාගැනීමෙන් දාවිත් කැඳවාගත් සේක.
මම ද නුඹලාට ආශීර්වාද කොට නුඹලා සඵලවත් කොට, නුඹලා වර්ධනය කරන්නෙමි. නුඹලා සමඟ මා කළ ගිවිසුම ඉටු කරන්නෙමි.
සමිඳාණන් වහන්සේ ඔබ තමන් වහන්සේගේ ම සෙනඟ කරගන්නට ප්‍රසන්න ව සිටින බැවින්, තමන්ගේ උදාර නාමය නිසා තමන්ගේ ම සෙනඟ අත් නොහරින සේක.