1 රාජාවලිය 3:11 - Sinhala New Revised Version දෙවියන් වහන්සේ කතා කොට, “නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේ වත් ධන සම්පත් ඉල්ලන්නේ වත්, නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේ වත් නැති ව විනිශ්චය තේරුම්ගැනීමට ඥානය ඉල්ලූ බැවින්, Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ කතා කොට, “නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේ වත් ධන සම්පත් ඉල්ලන්නේ වත්, නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේ වත් නැති ව විනිශ්චය තේරුම්ගැනීමට ඥානය ඉල්ලූ බැවින්, Sinhala Revised Old Version දෙවියන්වහන්සේ කථාකොට: නුඹ දීර්ඝායුස ඉල්ලන්නේවත් ධනය ඉල්ලන්නේවත් නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතුව විනිශ්චය තේරුම් ගැනීමට නුවණ ඉල්ලූ බැවින්, |
රජු විසින් කරන ලද විනිශ්චය සියලු ඉශ්රායෙල්වරු අසා, යුක්තිය විසඳීමට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක රජු කෙරෙහි බිය වූවෝ ය.
එබැවින් ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස, හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව, මන්ද, ඔබේ මේ මහා සෙනඟ විනිශ්චය කරන්න කවරෙකුට පුළුවන් දැ”යි කීවේ ය.
දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්‍රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා,
“අපට ප්‍රීතිය පෙන්වන්නේ කවරෙක් දැ”යි බොහෝ දෙන කියති. සමිඳුනි, අප වෙත ඔබ කුළුණැස යොමු කළ මැනව.
නුඹ නුඹේ ම වාසිය තකා ලොකු දේවල් සොයන්නෙහි ද? එසේ නොසොයන්න. මන්ද, සකල මනුෂ්‍ය වර්ගයා පිට මම විපත්තිය පමුණුවන්නෙමි. එහෙත්, නුඹ පමණක් යන යන තැන පණ රැකගන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක.