ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 22:50 - Sinhala New Revised Version

ජෙහෝෂාපාට් තමාගේ පියවරුන් මෙන් මියගොස් තම පිය වූ දාවිත්ගේ නුවර තම පියවරුන් ළඟ තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෙහෝෂාපාට් තමාගේ පියවරුන් මෙන් මියගොස් තම පිය වූ දාවිත්ගේ නුවර තම පියවරුන් ළඟ තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෙහෝෂාපාට් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරන ලද්දේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝරාම් ඔහු වෙනුවට රජවුණේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 22:50
9 හුවමාරු යොමු  

ඔහු මරණයට පත් වූ පසු තම පිය දාවිත්ගේ නුවර භූමදාන කරන ලදී. ඔහුගේ පුත් වූ රෙහොබෝවම් ඔහු වෙනුවට රජ විය.


රෙහොබෝවම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර රජ පරපුරේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබී ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. ඉන්පසු ඔහුගේ පුත් අබියාම් ඔහු වෙනුවට රජ විය.


ආසා මරණයට පත් වූ පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ භූමදාන කරනු ලැබී ය. ඔහුගේ පුත්‍ර වූ ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ විය.


මෙසේ කී පසු දාවිත් රජ මියගියේ ය. ඔහුගේ නගරයේ ඔහු භූමදාන කරන ලදී.


මෙසේ ආහබ් මියගියේ ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.


එකල ආහබ්ගේ පුත් අහසියා, “මාගේ සේවකයෝ ඔබේ සේවකයන් සමඟ නැව්වල යාත්‍රා කරත් වා”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. එහෙත්, ජෙහෝෂාපාට් එකඟ වූයේ නැත.


ජෙහෝෂාපාට් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.