ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 21:15 - Sinhala New Revised Version

තවද, නාබොත් ගල් ගසනු ලැබ මියගිය බව ජෙශෙබෙල් ඇසූ විට, ඈ ආහබ්ට කතා කොට, “ජෙශ්‍රෙයෙලීය නාබොත් ඔබට විකුණන්නට අකමැති වූ ඔහුගේ මිදි වත්ත ඔබ ගොස් හිමි කරගන්න. මන්ද නාබොත් ජීවත් ව නැත. මියගොස් ඇතැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, නාබොත් ගල් ගසනු ලැබ මියගිය බව ජෙශෙබෙල් ඇසූ විට, ඈ ආහබ්ට කතා කොට, “ජෙශ්‍රෙයෙලීය නාබොත් ඔබට විකුණන්නට අකමැති වූ ඔහුගේ මිදි වත්ත ඔබ ගොස් හිමි කරගන්න. මන්ද නාබොත් ජීවත් ව නැත. මියගොස් ඇතැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද නාබොත් ගල්ගසනු ලැබ මළ බව යෙසෙබෙල් ඇසූ විට ඈ ආහබ්ට කථාකොට: යෙස්‍රෙයෙලිය නාබොත් නුඹට විකුණන්නට අකැමැතිවූ ඔහුගේ මිදිවත්ත නුඹ ගොස් හිමිකරගන්න. මක්නිසාද නාබොත් ජීවත්ව නැත, ඔහු මැරිලායයි කීවාය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 21:15
8 හුවමාරු යොමු  

ඉන්පසු මෙසේ සිදු විය. සමාරියේ රජු වන ආහබ්ගේ මාලිගාවට සමීපව ජෙශ්‍රෙයෙල් නගරයේ නාබොත්ට මිදි වත්තක් තිබිණි.


“නාබොත් ගල් ගසනු ලැබ මළේ ය”යි ජෙශෙබෙල්ට කියා යැවුවෝ‍ ය.


නාබොත් මළ බව ආහබ් ඇසූ විට, ඔහු ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න පිණිස එහි යන්න පිටත් වුණේ ය.


ඔහුගේ භාර්යාව වන ජෙශෙබෙල් කතා කොට, “දැන් රට පාලනය කරන රජ ඔබ නොවන්නෙහි ද? නැඟිට කෑම කා ඔබේ සිත ප්‍රීති කරගන්න. මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත ඔබට ලබා දෙන්නෙමි”යි ඔහුට කීවා ය.


ජෝරාම් ද කතා කොට, “රථය සූදානම් කරන්නැ”යි කී ය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝ ය. ඉශ්රායෙල් රජ වූ ජෝරාම් ද ජුදාහි රජ වූ අහසියා ද තම තමාගේ රථයට නැඟී පිටත් වී ජේහුගේ පෙරමඟට ගොස්, ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ බිම් කොටසේ දී ඔහුට සම්මුඛ වූ හ.


මාගේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මැරීම ගැන ද සමිඳාණන් වහන්සේගේ සියලු මෙහෙකරුවන් මැරීම ගැන ද මා ජෙශෙබෙල්ගෙන් පළිගන්න පිණිස නුඹේ ස්වාමීන් වූ ආහබ්ගේ වංශයට පහර දෙන්න.


කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ, සැහැසිකම ඔවුන්ගේ පානය වේ.