Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 21:15 - Sinhala Revised Old Version

15 තවද නාබොත් ගල්ගසනු ලැබ මළ බව යෙසෙබෙල් ඇසූ විට ඈ ආහබ්ට කථාකොට: යෙස්‍රෙයෙලිය නාබොත් නුඹට විකුණන්නට අකැමැතිවූ ඔහුගේ මිදිවත්ත නුඹ ගොස් හිමිකරගන්න. මක්නිසාද නාබොත් ජීවත්ව නැත, ඔහු මැරිලායයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 තවද, නාබොත් ගල් ගසනු ලැබ මියගිය බව ජෙශෙබෙල් ඇසූ විට, ඈ ආහබ්ට කතා කොට, “ජෙශ්‍රෙයෙලීය නාබොත් ඔබට විකුණන්නට අකමැති වූ ඔහුගේ මිදි වත්ත ඔබ ගොස් හිමි කරගන්න. මන්ද නාබොත් ජීවත් ව නැත. මියගොස් ඇතැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 තවද, නාබොත් ගල් ගසනු ලැබ මියගිය බව ජෙශෙබෙල් ඇසූ විට, ඈ ආහබ්ට කතා කොට, “ජෙශ්‍රෙයෙලීය නාබොත් ඔබට විකුණන්නට අකමැති වූ ඔහුගේ මිදි වත්ත ඔබ ගොස් හිමි කරගන්න. මන්ද නාබොත් ජීවත් ව නැත. මියගොස් ඇතැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 21:15
8 හුවමාරු යොමු  

මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති.


ඔහුගේ භාර්යාවවූ යෙසෙබෙල්: දැන් ඉශ්‍රායෙල් රාජ්‍යය පාලනයකරන්නේ නුඹ නොවේද? නැගිට කෑම කා නුඹේ සිත ප්‍රීතිකරගන්න. මම යෙස්‍රෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත නුඹට දෙන්නෙමියි ඔහුට කීවාය.


ඉන්පසු මෙසේ සිද්ධවිය. සමාරියේ රජවූ ආහබ්ගේ මාලිගාවට සමීපව යෙස්‍රෙයෙලිය නාබොත්ට යෙස්‍රෙයෙල්හි මිදිවත්තක් තිබුණේය.


නාබොත් ගල්ගසනු ලැබ මළේයයි යෙසෙබෙල්ට කියා යැවුවෝය.


නාබොත් මළ බව ආහබ් ඇසූ විට ඔහු යෙස්‍රෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත අයිතිකරගන්න පිණිස එහි යන්ට පිටත්වුණේය.


මාගේ මෙහෙකරුවන් වූ ප්‍රොපේතවරුන්ගේ ලේද ස්වාමීන්වහන්සේගේ සියලු මෙහෙකරුවන්ගේ ලේද ගැන මා විසින් යෙසෙබෙල්ගෙන් පළිගන්නා පිණිස නුඹේ ස්වාමිවූ ආහබ්ගේ වංශයට පහර දෙන්න.


යෝරාම්ද: රථය සූදානම්කරන්නැයි කීවේය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝය. ඉශ්‍රායෙල් රජවූ යෝරාම්ද යූදාහි රජවූ අහසියාද තම තමාගේ රථයට නැගී පිටත්වී යේහුගේ පෙරමගට ගොස්, යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසේදී ඔහුට සම්මුඛවුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්