තවද, අබ්සලොම් ජෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා වශයෙන් පත් කළේ ය. අමාසා වූකලී ඉෂ්මායෙල් ජාතික ඉත්රාගේ පුත්‍රයා ය. ඉත්රාගේ බිරිඳ නාහාෂ්ගේ දුව වන අබිගායිල් ය. තවද, ඈ ජෝවාබ්ගේ මව වන ශෙරුයාගේ සහෝදරී ය.
1 රාජාවලිය 2:5 - Sinhala New Revised Version “තවද, ශෙරුයාගේ පුත් ජෝවාබ් විසින් මට කරනු ලැබූ දේ එනම්, ඉශ්රායෙල් හමුදාවල සෙන්පතීන් දෙදෙනා වූ නේර්ගේ පුත් අබ්නේර්ටත්, ජෙතෙර්ගේ පුත් අමාසාටත් කළ දේ ඔබ දන්නෙහි ය. ඔහු ඔවුන් මරා, සාමය ඇති කාලයේ දී යුද්ධ ලේ වගුරුවා මාගේ ඉඟපටියෙහිත්, මාගේ පා වහන්වලත් යුද්ධ ලේ තැවරුවේ ය. Sinhala New Revised Version 2018 “තවද, ශෙරුයාගේ පුත් ජෝවාබ් විසින් මට කරනු ලැබූ දේ එනම්, ඉශ්රායෙල් හමුදාවල සෙන්පතීන් දෙදෙනා වූ නේර්ගේ පුත් අබ්නේර්ටත්, ජෙතෙර්ගේ පුත් අමාසාටත් කළ දේ ඔබ දන්නෙහි ය. ඔහු ඔවුන් මරා, සාමය ඇති කාලයේ දී යුද්ධ ලේ වගුරුවා මාගේ ඉඟපටියෙහිත්, මාගේ පා වහන්වලත් යුද්ධ ලේ තැවරුවේ ය. Sinhala Revised Old Version තවද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් විසින් මට කළ දේ, එසේය, ඉශ්රායෙල් සේනාවල අධිපතීන් දෙදෙනාවූ නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ටත් යෙතෙර්ගේ පුත්‍රවූ අමාසාටත් කළ දේ නුඹ දන්නෙහිය; ඔහු ඔවුන් මරා සමාදාන කාලයේදී යුද්ධ ලේ වගුරුවා තමාගේ ඉඟටියෙහි තිබුණු පටිය පිටත් තමාගේ පාදවල තිබුණු වහන් පිටත් යුද්ධ ලේ දමාගත්තේය. |
තවද, අබ්සලොම් ජෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා වශයෙන් පත් කළේ ය. අමාසා වූකලී ඉෂ්මායෙල් ජාතික ඉත්රාගේ පුත්‍රයා ය. ඉත්රාගේ බිරිඳ නාහාෂ්ගේ දුව වන අබිගායිල් ය. තවද, ඈ ජෝවාබ්ගේ මව වන ශෙරුයාගේ සහෝදරී ය.
ඒ මිනිසා පිළිතුරු දෙමින්, “මාගේ අත්වල ඔබ රිදී කාසි දහසක් තැබුවත්, රජුගේ පුත්‍රයාට විරුද්ධ ව මාගේ අත මා ඔසවන්නේ නැත. මන්ද, ‘කිසිවෙකු තරුණ අබ්සලොම්ට අත නොගසන ලෙස වග බලාගන්න’ කියා අප අසාගෙන සිටිය දී රජ්ජුරුවෝ ඔබටත්, අබිෂයිටත්, ඉත්තයිටත් අණ කළහ.
එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නොහැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය.
රජ ජෝවාබ්ට ද අබිෂයිට ද ඉත්තයිට ද කතා කොට, “මා නිසා ඒ තරුණ අබ්සලොම්ට කරුණාවෙන් සලකන්නැ”යි අණ කෙළේ ය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට එසේ අණ කළ විට මුළු සෙනඟට එය ඇසුණේ ය.
ශෙරුයාගේ පුත් ජෝවාබ් ද දාවිත්ගේ සේවකයෝ ද පිටත් ව ගොස් ගිබියොන් පොකුණ ළඟ දී මුණගැසී, එක පක්ෂයක් පොකුණේ එක පැත්තක ද අනෙක් පක්ෂය පොකුණේ අනෙක් පැත්තේ ද නැවතුණාහ.
ශෙරුයාගේ පුත්‍රයන් තිදෙනා වන ජෝවාබ්, අබිෂයි සහ අසාහෙල් එහි සිටියහ. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් වේගයෙන් දිවීමේ ශූරතාව තිබුණේ ය.
එහෙත්, අමාසා ජෝවාබ්ගේ අතේ තිබුණු කඩුව ගැන නොසැලකුවේ ය. ජෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඔහුගේ අතුණු බිමට ඇද හැළුණේ ය. දෙ වන වරට පහර දීම අවශ්‍ය නො වී ය. මෙසේ අමාසා මළේ ය. ජෝවාබ් ද ඔහුගේ සහෝදර වූ අබිෂයි ද බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ ගියහ.
අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.
මා රජු වශයෙන් අභිෂේක ලැබූ නමුත්, අද මම දුර්වල ව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයන් වන මේ මනුෂ්‍යයෝ මට වඩා බලවත් ය; නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක් වා”යි කීවේ ය.
ඔහු ශෙරුයාගේ පුත් ජෝවාබ් සහ අබියාතර් නමැති පූජකවරයා සමඟ සම්මන්ත්‍රණය කෙළේ ය. මොවුහු ද අදොනියාට පක්ෂ වී ඔහුට උපකාර කළෝ ය.
ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත.
ඔවුන් කළ පිළිකුල් දේ ගැන ඔව්හු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන්ට කොහෙත් ම ලජ්ජාවක් හෝ නින්දාවක් හෝ දැනුණේ වත් නැත. එබැවින්, වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනු ඇත. මා ඔවුන්ට දඬුවම් කරන කාලයෙහි ඔව්හු නැත්තට ම නැති වන්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
මෙකී ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් ඇඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය.