1 රාජාවලිය 19:18 - Sinhala New Revised Version එසේ වුවත්, බාල් දේවතාවාට නොනැමූ දණ ඇති, ඔහු සිප නොගත් මුඛ ඇති සත්දහස්දෙනෙකු ඉශ්රායෙල්වරුන් අතරෙහි ඉතුරු කරගන්නෙමි”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 එසේ වුවත්, බාල් දේවතාවාට නොනැමූ දණ ඇති, ඔහු සිප නොගත් මුඛ ඇති සත්දහස්දෙනෙකු ඉශ්රායෙල්වරුන් අතරෙහි ඉතුරු කරගන්නෙමි”යි වදාළ සේක. Sinhala Revised Old Version එසේ වුවත් බාල්ට නොනැමූ දණද ඔහු නොසිම්බාවූ මුඛද ඇති සියල්ලන් වන සත්දහස් දෙනෙක් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ඉතුරුකරගන්නෙමියි ඔහුට කීසේක. |
බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.
නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.
සව් බලැති සමිඳාණෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම්, ජෙරුසලම ද සොදොම් හා ගොමොරා මෙන් සහමුලින් ම විනාශ වන්න ඉඩ තිබිණි.
රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”
රජතුමනි, උන් වහන්සේ එසේ නොකළත්, අප ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා ඇති රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු.”
දැන් ඔව්හු තව තවත් පව් කරමින් නැමදීමට තමන්ගේ රිදීවලින් දක්ෂ ලෙස වාත්තු කළ දේව රූප තනා ගනිති. ඒවා වනාහි කම්කරුවන්ගේ නිෂ්පාදන පමණකි. ‘පූජා කරන මිනිස්සු වහු පිළිම සිඹ ගනිත් වා’යි කියති.
එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,