1 රාජාවලිය 18:40 - Sinhala New Revised Version එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය. Sinhala New Revised Version 2018 එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය. Sinhala Revised Old Version එලියා ඔවුන්ට කථාකොට: බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැළවීයන්ට නොදී ඔවුන් අල්වාගන්නැයි කීවේය. ඔව්හු ඔවුන් අල්වාගත්තෝය. එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙනගොස් එහිදී ඔවුන් මැරුවේය. |
එලියා කළ සියල්ලත්, ඔහු සියලු දිවැසිවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් ජෙශෙබෙල්ට දැන්වී ය.
දේශයේ මුළු සෙනඟ බාල්ගේ දේවාලයට ගොස් එය කඩා ඔහුගේ පූජාසනය ද රූප ද මුළුමනින් බිඳදමා, පූජාසනය ඉදිරියෙහි දී බාල්ගේ පූජකයා වූ මත්තාන් මැරුවෝ ය. පූජක තෙමේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට මුලාදෑනීන් පත් කෙළේ ය.
ඔව්හු ඇය අත්අඩංගුවට ගත්හ; ඈ රජ ගෙදරට ගෙන ගියෝ ය. එහි දී අශ්ව දොරටුව ළඟ ඔව්හු ඈ මැරුවෝ ය.
මුළු සෙනඟ බාල් දෙවියාගේ ගෘහයට ගොස් එය කඩා දමා, ඔහුගේ පූජාසන ද ඔහුගේ පිළිම ද බිඳ දමා පූජාසන ඉදිරියෙහි බාල්ගේ පූජකයා වන මත්තන් මැරුවෝ ය.
සමිඳාණන් වහන්සේගේ කාර්යයන් මුළු ධෛර්යය යොදා නොකරන්නන්ට සාප වේ වා! කඩුවෙන් ගසා නොමරන්නාටත් සාප වේ වා!
ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය.
“එක මවකගෙන් උපන් ඔබේ සොහොයුරා හෝ ඔබේ පුතා හෝ දුව හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබට පණ මෙන් සිටින ඔබේ මිතුරා හෝ රහසින් ඔබ පොළඹවමින් ඔබ වත් ඔබේ පියවරුන් වත් නොදත්, ඔබ අවට ඉතා කිට්ටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොණක සිට අනික් කොණ දක්වා හෝ සිටි ජනතාවන්ගේ ‘දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කීවොත්,
එහෙත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කීමට ඉදිරිපත් වන දිවැසිවරයා, මා අණ නොකළ දෙයක් කීමට හිතට ගතහොත් හෝ අන් දේවතාවන්ගේ නාමයෙන් කතා කළොත් හෝ ඒ තැනැත්තා මරනු ලැබේ.’
එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ.
එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබී ය. ඔව්හු සදහට ම, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය.
සිසෙරා තමාගේ සියලු රථ එනම්, යකඩ රථ නවසියයක් ද තමා සමඟ සිටි මුළු සෙනඟ ද හරොෂෙත්-ගොයිම් සිට කීෂොන් ඔය ළඟට කැඳවාගත්තේ ය.
මම ජාබින්ගේ සේනාවේ අධිපති සිසෙරා ද ඔහුගේ රථ ද ඔහුගේ හමුදාව ද කීෂොන් ඔය ළඟ නුඹ වෙත රැස් කර ඔහු නුඹේ අතට පාවා දෙන්නෙමි’ “යි කීවා ය.
කීෂොන් ගංගාව, ඒ පැරණි ගංගාව ඔවුන් ගසාගෙන ගියා ය. සවි ශක්තියෙන් මම ඉදිරිය ම බලා ගමන් කරමි.