ගිබියොන්වරු ඉශ්රායෙල් ජාතිකයන් නොව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව සිටි කොට්ඨාශයකි. ඉශ්රායෙල් සෙනඟ ඔවුන් නොමරන්නට දිවුරුම් දී තිබුණු නමුත්, සාවුල් ඉශ්රායෙල් සෙනඟටත්, ජුදා සෙනඟටත් ඇති තමාගේ උද්‍යෝගය නිසා ඔවුන් මරන්නට සෙව්වේ ය.
1 රාජාවලිය 15:19 - Sinhala New Revised Version “මා සහ ඔබ අතරේ ද මාගේ සහ ඔබේ පියා අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී තෑග්ගක් ඔබට එවමි. ඉශ්රායෙල් රජ වන බාෂා මා වෙතින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ කර තිබෙන ඔබේ ගිවිසුම කඩ කළ මැනව”යි කියා හැරී ය. Sinhala New Revised Version 2018 “මා සහ ඔබ අතරේ ද මාගේ සහ ඔබේ පියා අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී තෑග්ගක් ඔබට එවමි. ඉශ්රායෙල් රජ වන බාෂා මා වෙතින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ කර තිබෙන ඔබේ ගිවිසුම කඩ කළ මැනව”යි කියා හැරී ය. Sinhala Revised Old Version මා සහ ඔබ අතරේද මාගේ සහ ඔබගේ පියා අතරේද ගිවිසුමක් තිබේ; මෙන්න රන් රිදී තෑග්ගක් ඔබට එවමි; ඉශ්‍රායෙල් රජවූ බාෂා මා වෙතින් අහක්ව යන පිණිස ඔබ ඇවිත් ඔහු සමඟ කර තිබෙන ඔබගේ ගිවිසුම කඩකළ මැනවැයි කියා ඇරියේය. |
ගිබියොන්වරු ඉශ්රායෙල් ජාතිකයන් නොව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව සිටි කොට්ඨාශයකි. ඉශ්රායෙල් සෙනඟ ඔවුන් නොමරන්නට දිවුරුම් දී තිබුණු නමුත්, සාවුල් ඉශ්රායෙල් සෙනඟටත්, ජුදා සෙනඟටත් ඇති තමාගේ උද්‍යෝගය නිසා ඔවුන් මරන්නට සෙව්වේ ය.
හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේ ය.
“මාගේ පියා ද ඔබේ පියා ද අතරේ තිබුණ පරිදි, මා සහ ඔබ අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි. ඉශ්රායෙල්හි රජු වන බාෂා මාගේ රටින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩ කළ මැනවැ”යි කියා හැරියේ ය.
එවිට දිවැසිවර හනානි ජුදාහි රජ වූ ආසා ළඟට අවුත් කතා කොට, “ ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා, සිරියාවේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියාවේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී යන්නේ ය.
එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.
උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත! ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති; සමිඳුන්ගේ උපදෙස් නොසොයති.
එසේ නම්: “යහපත සිදුවන ලෙස නපුර කරමු”යි කියමු ද? අප එසේ කියති යි සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත.