Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 16:3 - Sinhala New Revised Version

3 “මාගේ පියා ද ඔබේ පියා ද අතරේ තිබුණ පරිදි, මා සහ ඔබ අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි. ඉශ්රායෙල්හි රජු වන බාෂා මාගේ රටින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩ කළ මැනවැ”යි කියා හැරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “මාගේ පියා ද ඔබේ පියා ද අතරේ තිබුණ පරිදි, මා සහ ඔබ අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි. ඉශ්රායෙල්හි රජු වන බාෂා මාගේ රටින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩ කළ මැනවැ”යි කියා හැරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මාගේ පියාද ඔබගේ පියාද අතරේ තිබුණාක් මෙන් මා සහ ඔබ අතරේද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි; ඉශ්‍රායෙල්හි රජවූ බයෙෂා මා වෙතින් අහක්ව යන පිණිස ඇවිත් ඔබ ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩකළ මැනවැයි කියා හැරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 16:3
16 හුවමාරු යොමු  

ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.


අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති,


දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”


එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.


ඉශ්රායෙල් රජ වන ආහබ් ජුදාහි රජ වන ජෙහෝෂාපාට්ට නැවත කතා කොට, “ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසුවේ ය. ඔහු ද උත්තර දෙමින්, “මමත් ඔබ මෙන් සටනට සූදානම් ය; මාගේ සෙනඟත්, ඔබේ සෙනඟ මෙන් සටනට සූදානම් ය. යුද්ධයේ දී අපි ඔබ සමඟ සිටින්නෙමු”යි ඔහුට කීවේ ය.


ගිබියොන්වරු ඉශ්රායෙල් ජාතිකයන් නොව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව සිටි කොට්ඨාශයකි. ඉශ්රායෙල් සෙනඟ ඔවුන් නො‍මරන්නට දිවුරුම් දී තිබුණු නමුත්, සාවුල් ඉශ්රායෙල් සෙනඟටත්, ජුදා සෙනඟටත් ඇති තමාගේ උද්‍යෝගය නිසා ඔවුන් මරන්නට සෙව්වේ ය.


‘එසේ ම මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ගේ පූජාසන කඩා දමන්නැ’යි ද කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නුදුන්නහු ය. නුඹලා මෙසේ කෙළේ මන් ද?


මෝසෙස් ද ආරොන් අමතමින්, “මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය.


ආසා සහ ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා අතර ඔවුන්ගේ මුළු කාලයේ දී යුද්ධ පැවතිණි.


එවිට ආසා සමිඳාණන් වහන්සේගේ දේව මාලිගාවේ හා රජ මැදුරේ ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසය කළ සිරියාවේ රජ වන බෙන්-හදද්ට ඒවා යවමින්,


එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන් දී තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්රායෙල් නගරවලට විරුද්ධ ව යැවී ය. ඔහු ඊයොන්ටත්, දාන්ටත්, ආබෙල්-මායිම්ටත්, නප්තලීහි සියලු ගබඩා-නගරවලටත් පහර දුන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්