පසුව, ඔව්හු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ධ කළෝ ය. එයින් ඔවුන්ට දොර සොයාගැනීමට නොහැකි විය.
1 රාජාවලිය 13:4 - Sinhala New Revised Version දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින් කී වචන ජෙරොබෝවම් රජු ඇසූ විට, ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගු කර, “ඔහු අල්ලාගනිව් ය”යි කීවේ ය. ඔහුට විරුද්ධ ව රජතුමා දිගු කළ තමාගේ අත, ආපසු නමා ගන්න බැරි ලෙස කොර විය. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින් කී වචන ජෙරොබෝවම් රජු ඇසූ විට, ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගු කර, “ඔහු අල්ලාගනිව් ය”යි කීවේ ය. ඔහුට විරුද්ධ ව රජතුමා දිගු කළ තමාගේ අත, ආපසු නමා ගන්න බැරි ලෙස කොර විය. Sinhala Revised Old Version දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධව මොරගසා කී වචන යෙරොබොවම් රජු ඇසූ විට ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගුකර: ඔහු අල්ලාගනිව්යයි කීවේය. ඔහුට විරුද්ධව ඔහු දිගුකළ තමාගේ අත දෙවනු නමාගන්ට බැරිලෙස වියළුණේය. |
පසුව, ඔව්හු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ධ කළෝ ය. එයින් ඔවුන්ට දොර සොයාගැනීමට නොහැකි විය.
ඔහු එම දවසේ ලකුණක් දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ ලකුණ නම්, ‘පූජාසනය පැළී එය පිට තිබෙන අළු විසිරී වැටීම ය’ ”යි කී ය.
තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සමිඳාණන් වහන්සේගේ අණ පරිදි, දුන් ලකුණ හැටියට පූජාසනය පැළී, අළු පූජාසනයෙන් විසිරී වැටිණි.
‘ඔබ මොහු හිරගෙහි ලා මා සාමදානයෙන් එන තුරු මොහුට රොටි සහ වතුර හැර කිසිවක් නොදිය යුතු යයි රජ කියන්නේ ය’ කියා දන්වන්නැ”යි කී ය.
එවිට ආසා රජ දිවැසිවරයා කෙරෙහි කෝප වී ඔහු හිර ගෙයි දැමී ය. මන්ද, ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස් ව සිටි බැවිනි. එම කාලයේ ම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩා කෙළේ ය.
එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින්, ‘සැබැවින් ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා ම සුළු තැනැන්තාට වුව ද ඔබ එසේ කළා නම් එය කෙළේ මට යැ’යි වදාරන සේක.
ජේසුස් වහන්සේ අල්ලාගත් අය උත්තම පූජක කායාපස් වෙතට උන් වහන්සේ ගෙන ගියහ. විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද එහි රැස් වී සිටියහ.
උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, “ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය.
ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”
යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට සිතන්නේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම විත් ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. ඔවුන්ට අනතුරු කරන්නට සිතන තැනැත්තේ, මෙලෙස මරනු ලබන්නේ ය.