1 රාජාවලිය 13:11 - Sinhala New Revised Version බෙතෙල්හි මහලු දිවැසිවරයෙක් වාසය කෙළේ ය. ඔහුගේ එක් පුත්‍රයෙක් අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා එදා බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ඔහුට දැන්වී ය. ඒ මනුෂ්‍යයා විසින් රජුට කියන ලද වචන ද ඔව්හු තම පියාට කී හ. Sinhala New Revised Version 2018 බෙතෙල්හි මහලු දිවැසිවරයෙක් වාසය කෙළේ ය. ඔහුගේ එක් පුත්‍රයෙක් අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා එදා බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ඔහුට දැන්වී ය. ඒ මනුෂ්‍යයා විසින් රජුට කියන ලද වචන ද ඔව්හු තම පියාට කී හ. Sinhala Revised Old Version බෙතෙල්හි මහලු ප්‍රොපේත කෙනෙක් වාසයකෙළේය; ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල් ඔහුට කීයේය. ඔහු විසින් රජුට කී වචනද ඔව්හු තමුන්ගේ පියාට කීවෝය. |
ඔවුන්ගේ පියා ද, “ඔහු කොයි මගින් ගියේ දැ”යි තම පුත්‍රයන්ගෙන් ඇසී ය. ජුදාහි සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා ගිය මාර්ගය ඔහුගේ පුත්‍රයන් විසින් දක්නා ලද්දේ ය.
ඒ ළඟින් ගිය මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙන බව ද සිංහයා මළකඳ ළඟ සිටින බව ද දැක මහලු දිවැසිවරයා විසූ නගරයට අවුත් ඒ බව කී හ.
රජ ද කතා කරමින්, “සොහොනට කිසිවක් නොකරන්න. කිසිවෙක් ඔහුගේ ඇටකටුවලට අත නොගසන්නැ”යි කී ය. මෙසේ ඔව්හු ඔහුගේ ඇටකටු ද සමාරියෙන් පැමිණි දිවැසිවරයාගේ ඇටකටු ද එලෙස ම තිබෙන්නට හැරියෝ ය.
ඔව්හු නම්, ජෙරුසලම ගැන දිවැස් වැකි කියමින් ‘සාමය නැති කල්හි අප උදෙසා සාම දර්ශන දකින ඉශ්රායෙල් දිවැසිවරුය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
“මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන ඉශ්රායෙල්හි දිවැසිවරුන්ට විරුද්ධ ව නුඹ දිවැස් වැකි කියමින්, සිය සිතින් දිවැස් වැකි මවා කියන්නන්ට මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න.
ඔහු හිස ඔසවා බැලූ විට, ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර අනුව කඳවුරු බැඳ සිටිනු දිටී ය. දේවාත්මානුභාවය ඔහු මත විය.
ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැ’යි මට කියනු ඇත.
යමෙක් තමාගේ ම පවුල හසුරුවාගන්නට නොදන්නේ නම්, ඔහු දෙවියන් වහන්සේගේ සභාවේ වගකීම දරන්නේ කෙසේ ද?
එහෙත් බාලාම් තමා කළ අපරාධය ගැන තරවටු ලැබී ය. ගොළු කොටළුවෙක් මිනිස් හඬින් කතා කොට ඒ දිවැසිවරයාගේ ඔල්මාදය වැළැක්විය.
කලින් සාවුල් හැඳින සිටි හැම දෙනා ම, ඔහු දිවැසිවරුන් සමඟ ධර්ම වාක්‍ය පවසනවා දුටු කල, ඔවුනොවුන් අතරේ කතා කරමින්, “කිෂ්ගේ පුත්‍රයාට කුමක් වී ඇද් ද? සාවුලුත් දිවැසිවරයෙකු වී සිටී දැ”යි කී හ.