එහි සිටි මිනිස්සු ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විමසුවෝ ය. ඔහු ද, “ඈ මාගේ සහෝදරීය”යි කී ය. “ඈ මගේ භාර්යාව ය”යි කීමට ඔහු බිය වූයේ, රෙබෙකා රූමත් බැවින් ඈ නිසා ‘ඔවුන් මා මරති’යි සිතූ නිසා ය.
1 රාජාවලිය 12:27 - Sinhala New Revised Version මේ සෙනඟ ජෙරුසලමේ තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පූජා ඔප්පු කරන්න ගියොත්, මේ සෙනඟගේ සිත් තම ස්වාමීන් වූ ජුදාවරුන්ගේ රජ වන රෙහොබෝවම් වෙත ඇදී යන්නේ ය, එවිට ඔවුන් මා මරාදමා ජුදාහි රජ වන රෙහොබෝවම් වෙත හැරී යනු ඇතැ’යි සිතී ය. Sinhala New Revised Version 2018 මේ සෙනඟ ජෙරුසලමේ තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පූජා ඔප්පු කරන්න ගියොත්, මේ සෙනඟගේ සිත් තම ස්වාමීන් වූ ජුදාවරුන්ගේ රජ වන රෙහොබෝවම් වෙත ඇදී යන්නේ ය, එවිට ඔවුන් මා මරාදමා ජුදාහි රජ වන රෙහොබෝවම් වෙත හැරී යනු ඇතැ’යි සිතී ය. Sinhala Revised Old Version මේ සෙනඟ යෙරුසලමේ තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි පූජා ඔප්පුකරන්ට ගියොත් මේ සෙනඟගේ සිත් තමුන්ගේ ස්වාමිවූ යූදාවරුන්ගේ රජවූ රෙහොබොවම් වෙතට හැරීයන්නේය; තවද ඔවුන් මා මරා යූදාහි රජවූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය. |
එහි සිටි මිනිස්සු ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විමසුවෝ ය. ඔහු ද, “ඈ මාගේ සහෝදරීය”යි කී ය. “ඈ මගේ භාර්යාව ය”යි කීමට ඔහු බිය වූයේ, රෙබෙකා රූමත් බැවින් ඈ නිසා ‘ඔවුන් මා මරති’යි සිතූ නිසා ය.
එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරු දාවිත් නිසාත්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගන්න ලද නුවර වන ජෙරුසලම නිසාත් ඔහුට වන්නේ ය.
තවද, ජෙරොබෝවම් කල්පනා කරමින්, ‘දැන් තිබෙන තත්ත්වය අනුව මේ රාජ්‍යයේ සෙනඟ දාවිත්ගේ වංශයට හැරී යනු ඇත.
“ඔබේ සෙනඟ තම සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී සමිඳාණන් වහන්සේට යාච්ඤා කළොත්,
තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.
සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර අතරෙන් එක ගෝත්‍රයක් වසන පෙදෙසක යම් ස්ථානයක් තෝරාගන්න සේක් ද, එහි දී ඔබේ දවන යාග පූජා පිදිය යුතු ය. මා ඔබට අණ කරන සියල්ල එහි දී පමණක් කළ යුතු ය.
එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවන්නට තෝරාගන්න ස්ථානයේ දී එළු බැටළුවන්ගෙන් සහ ගවයන්ගෙන් පාස්කු යාගය පිදිය යුතු ය.
මිසර දේශයෙන් ඔබ නික්ම ආ කාලයේ දී, සවස ඉර බැස යන විට ඔබ පාස්කු යාගය පිදිය යුත්තේ, උන් වහන්සේ සිය නාමය පිහිටුවනු සඳහා තෝරාගත් ස්ථානයෙහි ය.