Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 12:27 - Sinhala Revised Old Version

27 මේ සෙනඟ යෙරුසලමේ තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි පූජා ඔප්පුකරන්ට ගියොත් මේ සෙනඟගේ සිත් තමුන්ගේ ස්වාමිවූ යූදාවරුන්ගේ රජවූ රෙහොබොවම් වෙතට හැරීයන්නේය; තවද ඔවුන් මා මරා යූදාහි රජවූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මේ සෙනඟ ජෙරුසලමේ තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පූජා ඔප්පු කරන්න ගියොත්, මේ සෙනඟගේ සිත් තම ස්වාමීන් වූ ජුදාවරුන්ගේ රජ වන රෙහොබෝවම් වෙත ඇදී යන්නේ ය, එවිට ඔවුන් මා මරාදමා ජුදාහි රජ වන රෙහොබෝවම් වෙත හැරී යනු ඇතැ’යි සිතී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මේ සෙනඟ ජෙරුසලමේ තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පූජා ඔප්පු කරන්න ගියොත්, මේ සෙනඟගේ සිත් තම ස්වාමීන් වූ ජුදාවරුන්ගේ රජ වන රෙහොබෝවම් වෙත ඇදී යන්නේ ය, එවිට ඔවුන් මා මරාදමා ජුදාහි රජ වන රෙහොබෝවම් වෙත හැරී යනු ඇතැ’යි සිතී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 12:27
14 හුවමාරු යොමු  

මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී, සවස ඉර බසින විට, එනම් මිසරයෙන් නුඹ පිටතට ආ කාලයේ, නුඹ පාස්කුව පූජාකරන්න.


නුමුත් නුඹේ ගෝත්‍රයන්ගෙන් එකක් තුළවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා වූ ස්ථානයෙහිම නුඹේ දවන පූජා පුදා මා විසින් නුඹට අණකරන සියල්ලත් එහිම කරන්න.


(එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් ඉශ්‍රායෙල්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගත් නුවර වන යෙරුසලම නිසාත් ඔහුට වන්නේය.)


ඔබගේ සෙනඟ තමුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනගනලද ගෘහයද දෙසට හැරී ස්වාමීන්වහන්සේට යාච්ඤාකළොත්,


එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න.


ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු–ඇය මාගේ භාර්යාවයයි කියන්ට භය වුණේය.


තවද යෙරොබොවම් තමාගේ සිතින් සිතනුයේ: ඉතින් රාජ්‍යය දාවිත්ගේ වංශයට හැරීයන්නේය.


මාගේ විපත්තියේදී ස්වාමීන්ට, මොරගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන්සේක.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්