ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනා ය. තමාගේ පියා වූ ශිබෙයොන්ගේ කොටළුවන්ට පාළු තැන්නෙහි තණ කවමින් සිටිය දී උණු දිය උල්පත් සම්බ වූයේ මේ අනාට ය.
1 රාජාවලිය 1:44 - Sinhala New Revised Version තවද, රජ තෙම ඔහු සමඟ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද යැව්වේ ය. ඔව්හු ඔහුට රජුගේ කොටළුවා පිට නැඟී යාමට සැලැස්සූ හ. Sinhala New Revised Version 2018 තවද, රජ තෙම ඔහු සමඟ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද යැව්වේ ය. ඔව්හු ඔහුට රජුගේ කොටළුවා පිට නැඟී යාමට සැලැස්සූ හ. Sinhala Revised Old Version රජ ඔහු සමඟ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද යැවුවේය, ඔව්හු රජුගේ අශ්වතරයා පිට ඔහු නැංගෙවුවෝය. |
ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනා ය. තමාගේ පියා වූ ශිබෙයොන්ගේ කොටළුවන්ට පාළු තැන්නෙහි තණ කවමින් සිටිය දී උණු දිය උල්පත් සම්බ වූයේ මේ අනාට ය.
එවිට ජෝවාබ්ගේ සෙනඟ ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද සියලු බලවන්තයෝ ද ඔහු පසුපස පිටත් වී ගියහ. බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු ජෙරුසලමෙන් නික්ම ගියහ.
ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.
රජ තෙම ඔවුන් අමතා, “ඔබේ ස්වාමීන්ගේ නිලධාරීන් කැඳවාගෙන, මා පුත් සලමොන් මාගේ ම කොටළුවා පිට නංවාගෙන ගීහොන් නමැති දිය උල්පත් ළඟට යන්න.
ජොනතන් උත්තර දෙමින්, “නැත, අපේ ස්වාමීන් වන දාවිත් රජ තෙම සැබැවින් ම සලමොන් කුමරු රජකමට පත් කෙළේ ය.
ඇරත්, ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ගීහොන් නම් ස්ථානයේ දී ඔහු රජු වශයෙන් අභිෂේක කළෝ ය. ඉන්පසු ඔව්හු එතැනින් පිටත් ව අවුත් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඝෝෂාවෙන් නුවර රැව් පිළිරැව් දිනි. ඔබ සැමට ඇසුණු ඝෝෂාව ඒක ය.
තවද, දාවිත් තමාගේ ගෙදර වසන කල්හි දිවැසිවරයා වන නාතාන්ට කතා කොට, “මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසය කරමි. එහෙත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක වියනක් යට තිබේ ය”යි කීවේ ය.
ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ ද රාජ සේවයේ ප්‍රධානියන් ව සිටියහ.
අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය.