1 රාජාවලිය 1:21 - Sinhala New Revised Version එසේ නොකළොත්, මාගේ ස්වාමීන් වන රජතුමා මියගිය පසු මා ද මාගේ පුත්‍ර සලමොන් ද වරදකාරයන් වනු ඇතැ”යි කීවා ය. Sinhala New Revised Version 2018 එසේ නොකළොත්, මාගේ ස්වාමීන් වන රජතුමා මියගිය පසු මා ද මාගේ පුත්‍ර සලමොන් ද වරදකාරයන් වනු ඇතැ”යි කීවා ය. Sinhala Revised Old Version එසේ නොකළොත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ පියවරුන් සමඟ සැතපුණාම මාද මාගේ පුත්‍රවූ සාලමොන්ද වරදකාරයන් වෙනවා ඇතැයි ඔහුට කීවාය. |
නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි.
එබැවින් දැන් එන්න, ඔබේ ජීවිතයත්, ඔබ පුත් සලමොන්ගේ ජීවිතයත් ඔබ ආරක්ෂා කරගන්න පිණිස ඔබට දැනුමැතිකමක් දීමට මට අවසර දෙන්න.
ඉතින්, මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබට පසු ව මාගේ ස්වාමීන් වන රජතුමාගේ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් දැ යි ඔබ ඉශ්රායෙල්වරුන්ට දැන්විය යුතු ය කියා ඔව්හු සියල්ලෝ බලා සිටිති.
එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.
එකල අහසියාගේ මව වූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක, නැඟිට මුළු ජුදා රාජ වංශය නැති කළා ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, නුඹේ පියවරුන් කළුරිය කළ පරිදි නුඹත් කළුරිය කරන්නට දැන් ආසන්න ව සිටින්නෙහි ය. නුඹේ මරණින් පසු මේ සෙනඟ මට අවිශ්වාසවන්ත ව ඔවුන් පදිංචි වන රටෙහි විදේශිකයන්ගේ දෙවිදේවතාවන් වැළඳගෙන, මා අත්හැර, ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩ කරන්නෝ ය.
ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් වන තමාගේ ම සහෝදරයන් සැත්තෑදෙනා එක ගලක් මත මැරුවේ ය. එහෙත්, ජෙරුබ්බාල්ගේ බාල ම පුත්‍රයා වන ජෝතාම් සැඟ වී සිටි බැවින් නොමැරී බේරුණේ ය.