ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 යොහන් 5:8 - Sinhala New Revised Version

ආත්මයාණන් වහන්සේ, වතුර හා රුධිරය යන මේ තුන ය. මේ සාක්ෂි තුන අතරේ එකඟත්වයක් ඇත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ආත්මයාණන් ය, වතුර ය, ලෙය ය; මෙම සාක්ෂි තුනම එකඟ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආත්මයාණන් වහන්සේ, වතුර හා රුධිරය යන මේ තුන ය. මේ සාක්ෂි තුන අතරේ එකඟත්වයක් ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සාක්ෂිදරන තුන්දෙනෙක් සිටිති: ආත්මයාණන්වහන්සේය, වතුරය, ලේය. මේ තුන්දෙනම එකඟවෙති.

පරිච්ඡේදය බලන්න



1 යොහන් 5:8
14 හුවමාරු යොමු  

එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;


බොහෝ දෙනෙකු උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි කී නමුත්, ඔවුන්ගේ සාක්ෂි එකට එකක් නොගැළපිණි.


“මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්, එනම්, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක.


එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය.


දිවැසිවරුන්ගේ වචනයෙන් ද එය අනුමත වේ, ඒ මෙසේ ය: ‘මින්පසු මම හැරී අවුත්, දාවිත්ගේ වැටී ගිය මණ්ඩපය නැවත සාදා, එහි නටබුන් තැන් ද යළිත් ගොඩනඟා, සවිමත් කරන්නෙමි. එවිට අවශේෂ මනුෂ්‍යයන් ද මාගේ නාමය දරන සියලු ජාතීන් ද, සමිඳාණන් වහන්සේ සොයන්නෝ ය. ලෝකයේ පටන්ගැන්මේ සිට ක්‍රියා කරන සමිඳාණන් වහන්සේ මේ සියල්ල වදාරන සේක.’


අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති.


උන් වහන්සේගේ මුද්‍රාව අප පිට තබා, අපගේ සිත් තුළ, අපට අත්තිකාරමක් වශයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවා වදාළ සේක.


එහෙත් ජේසුස් වහන්සේ ද තමන් රුධිරයෙන් සෙනඟ පවිත්‍ර කරන පිණිස වාසල් දොරින් පිටත දී වද වින්දේ ඒ නිසා ය.


වරක් දහම් එළියෙන් පැහැදීම ලැබූවන් වැටී ගිය විට ඔවුන් නැවත පසුතැවී සිත් හරවා ගැනීමට පැමිණවීම කළ නොහැකි ය. ඔව්හු ස්වර්ගීය දීමනාව රසාස්වාදනය කර, ශුද්ධාත්මයාණන් සමඟ පංගුකාරයෝ වූ හ.


මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැළවීම ලබා දෙන බව්තීස්ම-ස්නාපනය යි. එය වනාහි ශරීරයේ කිළුටු සේදීමක් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය කරණකොටගෙන නිදොස් හෘදය සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක් ය.


අපි මනුෂ්‍යයන්ගේ සාක්ෂිය පිළිගනිමු. එහෙත් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා බලගතු ය. දෙවියන් වහන්සේගේ ම සාක්ෂිය නම්, සිය පුත්‍රයාණන් පිළිබඳ ව දුන් සාක්ෂිය වේ.