Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හෙබ්‍රෙව් 13:12 - Sinhala New Revised Version

12 එහෙත් ජේසුස් වහන්සේ ද තමන් රුධිරයෙන් සෙනඟ පවිත්‍ර කරන පිණිස වාසල් දොරින් පිටත දී වද වින්දේ ඒ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 මෙසේ යේසුස්වහන්සේ ද ස්වකීය ලෙයින් ජනයා පවිත්‍ර කරනු පිණිස, නගර දොරටුවෙන් පිටතදී වධ වින්ද සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එහෙත් ජේසුස් වහන්සේ ද තමන් රුධිරයෙන් සෙනඟ පවිත්‍ර කරන පිණිස වාසල් දොරින් පිටත දී වද වින්දේ ඒ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එහෙයින් යේසුස්වහන්සෙත් තමන්ගේම ලෙයින් සෙනඟ පිරිසිදුකරන පිණිස දොරටුවෙන් පිටතදී වධවින්දසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 13:12
18 හුවමාරු යොමු  

මෙසේ මෝසෙස් ඉශ්රයෙල් ජනයාට කතා කෙළේ ය. ඔහු කී ලෙස ඔව්හු සාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනවුත් ඔහුට ගල් ගසා මැරුවෝ ය. ඉශ්රායෙල් ජනයා ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉටු කළහ.


උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි මුළු ජනතාව ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස්, ඔහුට ගල් ගසා, මරාදැමූ හ.


ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ.


ඔවුන් සත්‍යයට කැප වන පිණිස, මම ඔවුන් උදෙසා කැප වෙමි.


එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය.


ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූ හ. සාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබූ හ.


තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සෝදනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය.


උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර,


ඒ කැමැත්ත පරිදි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදහට ම එක වරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධිය ලැබ සිටිමු.


එසේ නම් දේව පුත්‍රයාණන් පයින් පාගාදමන, තමාට විශුද්ධිය දුන් ගිවිසුම් ලේ, අශුද්ධ දෙයක් කොට සිතන, වරප්‍රසාදයේ ආත්මයාණන් වහන්සේට අපහාස කරන අපි ඊටත් වඩා තද දඬුවමකට සුදුස්සෝ නොවෙමු ද?


මන්ද, පිරිසිදු කරන්නා ද පිරිසිදු කරනු ලබන්නෝ ද යන සියල්ලෝ ම එක ම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලජ්ජා නොවී:


එවිට ජෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ශෙරාගේ පුත් ආකාන් ද රිදී ද සළුව ද රන් පොල්ල ද ඔහුගේ දරුදැරියන් ද ඔහුගේ ගවයන් ද කොටළුවන් ද බැටළුවන් ද ඔහුගේ කූඩාරම ද ඔහු සන්තක සියල්ල ද රැගෙන ආකොර් මිටියාවතට ගෙන ගියෝ ය.


එවිට කිලෝමීටර් තුන් සියයක් පමණ දුරට ද, අශ්වයෙකුගේ කටකලියාව දක්වා උසට ද, ඒ වළෙන් ලේ ගලා ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්