මන්ද, මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද කැප වී ශුද්ධ විය යුතු ය. එබැවින් නුඹලා බිම බඩගා යන කොයි යම් සතෙකු වත් කෑමෙන් දූෂණය නොවිය යුතු ය.
1 තෙසලෝනික 4:7 - Sinhala New Revised Version දෙවියන් වහන්සේ අප කැඳෙව්වේ අපවිත්‍රකමට නොව, පවිත්‍රකමට ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ අපවිත්‍රකමට නො ව ශුද්ධකමට ය. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ අප කැඳෙව්වේ අපවිත්‍රකමට නොව, පවිත්‍රකමට ය. Sinhala Revised Old Version දෙවියන්වහන්සේ අප කැඳෙවුවේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය. |
මන්ද, මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද කැප වී ශුද්ධ විය යුතු ය. එබැවින් නුඹලා බිම බඩගා යන කොයි යම් සතෙකු වත් කෑමෙන් දූෂණය නොවිය යුතු ය.
මුළු ඉශ්රායෙල් ජනතාවට කතා කොට ඔවුන්ට කියන ලෙස මෙසේ වදාළ සේක: “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ බැවින් නුඹලා ද ශුද්ධ ව සිටිය යුතු ය.
දෙවියන් වහන්සේට ප්‍රිය වූ, උන් වහන්සේට කැප කරන ලද සෙනඟක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මෙය ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!
කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතට ය. එනම්, ඒ සභාවේ ක්‍රිස්තුන් වහන්සේට කැප වූ දෙවියන් වහන්සේගේ සෙනඟ වීමට කැඳවීම ලත් අය ද ඔවුන්ගේත් අපගේත් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් සෑම තැන්හි අයැදුම් කරන සියල්ලන් ද වෙතට ය.
ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක.
මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.
එබැවින්, දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිඳාණන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් ම ඉල්ලමි.
අපගේ අයැදීම මුළාවෙන් හෝ, අපිරිසුදු චේතනාවෙන් හෝ වන්නක් නොවේ. රැවටීමට උත්සාහයක් ද අප තුළ නැත.
උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි.
සියල්ලන් සමඟ සාමදානයෙන් සිටින්නටත්, ශුද්ධකම නැති ව කිසිවෙක් සමිඳාණන් වහන්සේ නොදක්නා බැවින්, ශුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න.
විශේෂයෙන් ශාරීරික ලෙස අපිරිසිදුකමේ තෘෂ්ණාව අනුව හැසිරෙන්නන්ට ද ආධිපත්‍යයට අපහාස කරන්නන්ට ද උන් වහන්සේ එසේ කරන සේක. සාහසික අහංකාරී මොවුහු, ස්වර්ගයේ උත්තමයන්ට නින්දා කිරීමට බිය නොවෙති.