අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය.
1 තෙසලෝනික 3:10 - Sinhala New Revised Version ඔබගේ මුහුණ දක්නා පිණිස ද, ඇදහිල්ලේ ඌනතා සම්පූර්ණ කරන පිණිස ද, දිවා රෑ දෙක්හි අපි අධික ලෙස යාච්ඤා කරමු. සිංහල කාලීන පරිවර්තනය යළිත් අපට ඔබේ මුහුණ දකිනු හැකි වන පිණිසත්, ඇදහිල්ලේ ඔබගේ ඌනතා සපිරෙනු පිණිසත් අපි, දිවා රෑ දෙක්හි ඉමහත් උනන්දුවෙන් ඔබ ගැන යාච්ඤා කරන්නෙමු. Sinhala New Revised Version 2018 ඔබගේ මුහුණ දක්නා පිණිස ද, ඇදහිල්ලේ ඌනතා සම්පූර්ණ කරන පිණිස ද, දිවා රෑ දෙක්හි අපි අධික ලෙස යාච්ඤා කරමු. Sinhala Revised Old Version නුඹලාගේ මුහුණ දකින පිණිසද නුඹලාගේ ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණකරන පිණිසද අපි රෑ දාවල් ඉතා අධිකලෙස යාච්ඤාකරමුව. |
අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය.
අපගේ ගෝත්‍ර දොළොස රෑ දාවල් උද්‍යෝගිමත් ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ මේ පොරොන්දුව කෙරේ විශ්වාසයෙනි. රජතුමෙනි, ජුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව නිසා ය.
මේ සියල්ල ගැන මට සහතිකයක් තිබුණු බැවින්, ඔබට දෙවරක් මා දැක ගැනීමේ වාසනාව ලබා දෙනු පිණිස මම පළමුවෙන් ඔබ වෙත ඒමට අදහස් කෙළෙමි.
ඔබ ඇදහිය යුතු දේ ගැන අපි ඔබට විධාන නොකරමු. ඔබගේ ප්‍රීතිය සඳහා අපි සහයෝගයෙන් ඔබ සමඟ සේවය කරමු. මන්ද, ඔබගේ ඇදහිල්ල ස්ථීර ය.
ඉතින් සහෝදරවරුනි, ආයුබෝවන්. පරිපූර්ණත්වය සොයා යන්න; මාගේ අවවාද සිතට ගන්න; එක්සිත් වන්න; සාමදානයෙන් සිටින්න. එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිටින සේක.
අප දුර්වල ව සිටිය දී ඔබ ශක්තිමත් ව සිටීම අපට ප්‍රීතියකි. තවද, ඔබගේ සම්පූර්ණත්වය සඳහා අපි යාච්ඤා කරමු.
මේ ගැන මට සහතික ය. එබැවින් මා ජීවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මම දනිමි.
අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු.
ඔබේ ම කෙනෙකු වන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, එපප්‍රස් ද ඔබට ආචාර කරයි. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට සම්පූර්ණයෙන් ගැති ව, ස්ථීර අධිෂ්ඨානයෙන් සිටින පිණිස ඔහු ඉතා ඕනෑකමින් නොකඩව යාච්ඤා කරයි.
අපගේ පිය වූ දෙවියන් වහන්සේ ම ද අපගේ ස්වාමීන් වූ ජේසුස් සමිඳාණන් වහන්සේ ද ඔබලා වෙතට එන්න අපට මාර්ගය සලස්වා දෙන සේක් වා!
අප ඔබ ගැන නිතර ම යාච්ඤා කරන්නේ ඒ නිසා ය. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත්, උන් වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආශා සියල්ල ඉටු කර, ඇදහිල්ලේ ක්‍රියාවන් සම්පූර්ණ කරන ලෙසත්, අපි යාච්ඤා කරමු.
මම දිවා රෑ දෙක්හි ම නිතර මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින්, මාගේ මුතුන්මිත්තන් කළාක් මෙන් පිරිසිදු හෘදය සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි.
ඒ හැර, මට නවාතැනක් ද සූදානම් කරන්න. මන්ද, ඔබ හැමගේ යාච්ඤා කරණකොටගෙන දෙවියන් වහන්සේ ඔබ වෙත මා පමුණුවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.
ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි. ඔවුන් වටකර ද ඇතුළත ද ඇස්වලින් පිරී තිබුණේ ය. ඔව්හු, “වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය”යි දිවා රෑ දෙක්හි නොනැවතී ගයන්නාහ.
ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හෙයිනි. සිංහාසනයේ වැඩ හිඳින තැනැන් වහන්සේ ඔවුන් සමඟ වැඩ වසන සේක.
ඇරත් මා ඔබ උදෙසා යාච්ඤා නොකර සිටීමේ පාපයෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා, තවද, මම යහ මඟ ඔබට උගන්වන්නෙමි.