Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




පිලිප්පි 1:25 - Sinhala New Revised Version

25 මේ ගැන මට සහතික ය. එබැවින් මා ජීවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 ඒ වග මට සහතික බැවින් මේ ජීවිතයේම රැඳෙමින්, ඔබගේ ඇදහිල්ලේ වර්ධනයත්, ප්‍රීතියත් උදෙසා මා ඔබ හැම අතර දිගටම කටයුතු කරන වග මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මේ ගැන මට සහතික ය. එබැවින් මා ජීවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 මම මේක විශ්වාස කරන බැවින්, මා ජීවත්වී, ඇදහීමෙහි නුඹලාගේ දියුණුවීමද ප්‍රීතියද සඳහා නුඹලා සියල්ලන් සමඟ සිටින්ට යෙදෙන බව දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




පිලිප්පි 1:25
17 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම් නොබෝ කලකින් මටත් ඔබ වෙතට එන්න ලැබෙනු ඇතැ යි මම විශ්වාස කරමි.


ඔබ ඇදහිය යුතු දේ ගැන අපි ඔබට විධාන නොකරමු. ඔබගේ ප්‍රීතිය සඳහා අපි සහයෝගයෙන් ඔබ සමඟ සේවය කරමු. මන්ද, ඔබගේ ඇදහිල්ල ස්ථීර ය.


තවද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔබගේ බලාපොරොත්තුව පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබේ ඇදහීම නිසා සියලු ප්‍රීතියෙන් හා සාමදානයෙන් ඔබ පූර්ණ කරන සේක් වා.


තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දේව වරප්‍රසාදයට පිවිසෙන මඟ අපට සලසා දුන්නේ උන් වහන්සේ ය. ඒ නිසා අපට හිමි වන්නට යන දේව මහිමයේ බලාපොරොත්තු ගැන අපි අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු.


“මේ වන තෙක් මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ඔබ අතර ගැවසුණෙමි. දැන් ඉතින් මින්පසු ඔබගෙන් කිසිවෙකු මගේ මුහුණ තවත් නොදකින බව දනිමි.


ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,


මා ඔබ වෙත එන විට ක්‍රිස්තුන් වහන්සේගේ ආශීර්වාද රාශියක් ඇති ව එන බව මට සහතික ය.


වචනයෙන් හා ක්‍රියාවෙන් ද හාස්කම් හා අරුමපුදුමවල අනුහසින් ද


“අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ.


ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය.


එහෙත්, ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස ඔබ උදෙසා මම යාච්ඤා කෙළෙමි. ඔබ යළිත් හැරුණු පසු, ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නැ”යි වදාළ සේක.


දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක: “විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි; සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කර දෙන්නෙමි.


එහෙත් ඔබ උදෙසා මිහි පිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ.


ඒ හැර, මට නවාතැනක් ද සූදානම් කරන්න. මන්ද, ඔබ හැමගේ යාච්ඤා කරණකොටගෙන දෙවියන් වහන්සේ ඔබ වෙත මා පමුණුවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්