‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.
1 තෙසලෝනික 3:1 - Sinhala New Revised Version අපට එය තවත් ඉවසාගන්නට නොහැකි වූ බැවින් ඇතන්ස්හි නතර වීමට තීරණය කරගෙන, සිංහල කාලීන පරිවර්තනය තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල, ඇතන්ස්හි අප තනි කරනු ලැබීමට කැමතිව, Sinhala New Revised Version 2018 අපට එය තවත් ඉවසාගන්නට නොහැකි වූ බැවින් ඇතන්ස්හි නතර වීමට තීරණය කරගෙන, Sinhala Revised Old Version එහෙයින්, අපට තවත් ඉවසාගන්ට නොහැකිවූ කල, අතීනසෙහි තනියම අත්හරිනු ලැබීමට අපි සතුටුවී, |
‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.
එසේ ඔබේ දුෂ්ටකම් ද ඔබ කළ පිළිකුල් ක්‍රියා ද සමිඳාණන් වහන්සේට තවත් ඉවසන්නට නොහැකි විය. එබැවින් ඔබේ දේශය අද තිබෙන හැටියට වැසියෙකු නැති ව, පාළු වී, සාප ලද්දක් ව තිබේ;
පාවුලු ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වා ඔහු පිරිවරා ගියහ. හැකි පමණ ඉක්මනින් තමා වෙතට එන මෙන්, සීලස්ට ද තිමෝතියස්ට ද පාවුලුගෙන් නියමයක් රැගෙන ඔව්හු ආපසු ගියහ.
පාවුලු ඇතන්ස්හි ඔවුන්ගේ පැමිණීම බලා සිටිය දී, ඒ නුවර දේව රූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ සිත කැළඹී ගියේ ය.
එහෙත් මාගේ සහෝදර වූ තීතස් මට සම්බ නුවූ බැවින් මාගේ සිතට සහනයක් නුවූයෙන් ඔවුන්ගෙන් සමුගෙන මම මසිදෝනියට ගියෙමි.
සහෝදරවරුනි, ටික කලකට අපි ඔබ ඇසින් නුදුටුවත්, සිතින් අමතක නොකෙළෙමු. ඒ කාලයේ දී ඔබගේ මුහුණ දැකීමට අපි ඉමහත් ආශාවකින් බොහෝ සේ උත්සාහ කෙළෙමු.
මේ කරුණ තවදුරටත් ඉවසාගත නොහැකි ව, පරීක්ෂාකාරයා සමහර විට ඔබ පරීක්ෂා කර, අපගේ සේවය නිෂ්ප්‍රභා කර ඇද්දැ යි බිය වී ඔබගේ ඇදහිල්ල ගැන සොයා බැලීමට ඔහු ඔබ වෙත එවීමි.