1 කොරින්ති 6:7 - Sinhala New Revised Version මෙසේ ඔබ එකිනෙකා සමඟ නඩු කියාගැනීම, දැනට ම ඔබට පරාජයකි. අයුක්තිය ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? අලාභයක් ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? සිංහල කාලීන පරිවර්තනය එකිනෙකා සමඟ නඩුහබ ඇති කර ගැනීමෙන් පෙනී යන්නේ, දැනටම ඔබට සම්පූර්ණයෙන් පරාජයක්ය කියායි. අයුක්තිය විඳීම ඊට වඩා හොඳ නැද්ද? වංචාවට හසුවීම ඊට වඩා හොඳ නැද්ද? Sinhala New Revised Version 2018 මෙසේ ඔබ එකිනෙකා සමඟ නඩු කියාගැනීම, දැනට ම ඔබට පරාජයකි. අයුක්තිය ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? අලාභයක් ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? Sinhala Revised Old Version ඉතින් එකිනෙකා සමඟ නුඹලාට නඩු ඇතුව තිබීම දැනටම මුළුමනින්ම නුඹලාට පාඩුවක්ය. ඒ වෙනුවට නුඹලා අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට අලාභය නොවිඳින්නේ මන්ද? |
ඔවුන්ගේ සිත් භේද භින්න වී ඇත. ඔවුන් තමන්ගේ පාපයට දඬුවම් විඳිය යුතු ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජාසන කඩාදමා ඔවුන්ගේ පූජනීය රූපස්ථම්භ විනාශ කරනු ඇත.
සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.
ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න.
කිසිවෙකුට නපුරට නපුර නොකරන ලෙස ද, එකිනෙකා ගැනත්, සියල්ලන් ගැනත් නිතර ම යහපත් දේ කරන ලෙස ද වගබලාගන්න.
නපුරට නපුර වත්, නින්දාවට නින්දාව වත් නොකරන්න. ඒ වෙනුවට, ආශීර්වාදයක් උරුම වන පිණිස ඔබ කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාද ම කරන්න.