ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 5:3 - Sinhala New Revised Version

සැබැවින් ම මම ගතින් ඔබගෙන් ඈත් ව සිටියත්, සිතින් ඔබ සමඟ සිටිමි. එලෙස ඔබ සමඟ සිටින්නාක් මෙන් ම මා දැනටමත් මේ දේ කරන පුද්ගලයා විනිශ්චය කර ඇත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ගතින් මා ඔබ හමුවේ නො වූවත්, ආත්මයෙන් ඔබ සමඟ සිටිමින්, මා ඒ දේ කළ තැනැත්තාට දැනටමත් විනිශ්චය ප්‍රකාශ කර ඇත්තෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සැබැවින් ම මම ගතින් ඔබගෙන් ඈත් ව සිටියත්, සිතින් ඔබ සමඟ සිටිමි. එලෙස ඔබ සමඟ සිටින්නාක් මෙන් ම මා දැනටමත් මේ දේ කරන පුද්ගලයා විනිශ්චය කර ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සැබවින් මම ශරීරයෙන් දුරුව සිටිම් නුමුත් ආත්මයෙන් ළංව සිට, ළඟ සිටියාක්මෙන්ම මේ දේ මෙසේ කළ තැනැත්තා විනිශ්චය කෙළෙමි.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 5:3
6 හුවමාරු යොමු  

සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක් ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක.


ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි.


එහෙත්, අප ඈත් ව සිටින විට ලියන ලියුම් ද අප ඔබ සමඟ සිටින විට කරන දේ ද අතර වෙනසක් නැති බව එවැනි අය තේරුම් ගත යුතු යි.


මම නැවත ඔබ වෙත පැමිණියොත් මේ දක්වා පව් කළ අයටත්, අනෙක් සියල්ලන්ටත් සත්තකින් ම දඬුවම් කරන බව කියමි. ඒ බව දෙ වන වතාවේ දී ඔබ සමඟ සිටිය දී කල් තියා ඔබට කීවෙමි. දැන් ඔබෙන් ඈත් ව සිටියදීත් එසේ ම කල් තියා ඔබට කියමි.


මම ශරීරාකාරයෙන් ඈත් ව සිටින නමුත්, ආධ්‍යාත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනයානුකූල හැසිරීමත්, ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථීරකමත් දැක ප්‍රීති වෙමි.


සහෝදරවරුනි, ටික කලකට අපි ඔබ ඇසින් නුදුටුවත්, සිතින් අමතක නොකෙළෙමු. ඒ කාලයේ දී ඔබගේ මුහුණ දැකීමට අපි ඉමහත් ආශාවකින් බොහෝ සේ උත්සාහ කෙළෙමු.