Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 5:3 - සිංහල කාලීන පරිවර්තනය

3 ගතින් මා ඔබ හමුවේ නො වූවත්, ආත්මයෙන් ඔබ සමඟ සිටිමින්, මා ඒ දේ කළ තැනැත්තාට දැනටමත් විනිශ්චය ප්‍රකාශ කර ඇත්තෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සැබැවින් ම මම ගතින් ඔබගෙන් ඈත් ව සිටියත්, සිතින් ඔබ සමඟ සිටිමි. එලෙස ඔබ සමඟ සිටින්නාක් මෙන් ම මා දැනටමත් මේ දේ කරන පුද්ගලයා විනිශ්චය කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සැබැවින් ම මම ගතින් ඔබගෙන් ඈත් ව සිටියත්, සිතින් ඔබ සමඟ සිටිමි. එලෙස ඔබ සමඟ සිටින්නාක් මෙන් ම මා දැනටමත් මේ දේ කරන පුද්ගලයා විනිශ්චය කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 සැබවින් මම ශරීරයෙන් දුරුව සිටිම් නුමුත් ආත්මයෙන් ළංව සිට, ළඟ සිටියාක්මෙන්ම මේ දේ මෙසේ කළ තැනැත්තා විනිශ්චය කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 5:3
6 හුවමාරු යොමු  

ගතින් මම ඔබ හමුවේ නැති නමුදු, ආත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනය හා ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථිරකම දැක ප්‍රීති වෙමි.


සහෝදරයිනි, සුළු කලකට සිතින් නො ව ගතින් ඔබ වෙතින් අප වෙන් කරනු ලැබ සිටියදී වුව, ඔබගේ මුහුණ දැකීමේ දැඩි ආශාවෙන් යුතුව යළි ඔබ වෙත ඒමට අපි හැම උත්සාහයක්ම දැරීමු.


කලින් පව් කර තිබූ අයට හා සෙසු හැමට අවවාද කර ඇත්තෙමි. මා ආපසු පැමිණියහොත්, ඔවුන්ට අනුකම්පාවක් දක්වන්නේ නැති වග දෙවන වරට මා ඔබ වෙත ආ කල, ඔබ ළඟ සිට කී ලෙස, දැන් දුර සිට ද අවවාද කරමි.


අප නො පැමිණ අපගේ ලිපිවලින් යම් සේ වී ද, අප පැමිණි කලත් එලෙසම බැව් ඒ අය තේරුම් ගනිත්වා.


ඔබ හා මුහුණට මුහුණ හමු වූ කල යටහත් වූ, එහෙත් ඈත්ව සිටියදී ඔබ කෙරේ එඩිතර මම, පාවුල්, ක්‍රිස්තුස්වහන්සේගේ මෘදු ගුණයෙන් හා විනීතභාවයෙන් යුතුව ඔබගෙන් අයැදීමක් කරමි.


මන්ද පිටස්තර අය විනිශ්චය කිරීමට මට ඇති කාරිය කුමක් ද? ඔබ විනිශ්චය කළ යුතුව ඇත්තේ, ඇතුළත සිටින්නන් නො වේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්