ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් මෛත්‍රී කරුණා සහගත ව ඔබ වෙත එනවාට ද?
1 කොරින්ති 4:18 - Sinhala New Revised Version මා ඔබ වෙත නොඑති යි කියමින් සමහරුන් අහංකාර වී ඇත. සිංහල කාලීන පරිවර්තනය මා ඔබ වෙත නො එතැයි සලකා ඇතැම් අය උඩඟුව සිටිති. Sinhala New Revised Version 2018 මා ඔබ වෙත නොඑති යි කියමින් සමහරුන් අහංකාර වී ඇත. Sinhala Revised Old Version නුමුත් මා නුඹලා ළඟට එන්නේ නැත කියා සමහරු උඩඟුව සිටිති. |
ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් මෛත්‍රී කරුණා සහගත ව ඔබ වෙත එනවාට ද?
එවැනි ක්‍රියාවක් ගැන ඔබට ආඩම්බර විය හැකි ද? නැත, ඒ ගැන ඔබ දුක් විය යුතු ය. ඔහු ඔබ වෙතින් නෙරපා දැමිය යුතු ය.
අප ක්‍රියා කරන්නේ ලෞකික චේතනාවෙන් යයි කියන අයට විරුද්ධ ව එඩිතර ව ක්‍රියා කිරීමට මට ශක්තිය ඇති බැවින්, ඔබ වෙත පැමිණි විට, එලෙස එඩිතර ව ක්‍රියා කිරීමට මා නොපොළඹවන මෙන් ඔබගෙන් මම යටහත් ලෙස ඉල්ලමි.
ඔබ වෙත පැමිණි විට, මා සිතනවාට වඩා ඔබ වෙනස් වී ඇද්දෝ කියාත්, ඔබ සිතනවාට වඩා මා වෙනස් වී ඇද්දෝ කියාත් මට බියක් ඇත. යම් විධියකින් ආරාවුල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කෙළාම්, ඕපාදූප, අහංකාරය හා අවුල්වියවුල් ආදිය ද, ඔබ අතර තිබේ දෝ යි මට බියක් තිබේ.