ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.
1 කොරින්ති 3:23 - Sinhala New Revised Version ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ය. සිංහල කාලීන පරිවර්තනය ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ ය; ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ය. Sinhala New Revised Version 2018 ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ය. Sinhala Revised Old Version නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේය; ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේය. |
ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.
පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය.
අපි ජීවත් වෙමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා නසිමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් සමිඳාණන් වහන්සේගේ ම වෙමු.
ක්‍රිස්තුන් වහන්සේ පුරුෂයා කෙරෙහි ප්‍රධානියා බව ද, පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ප්‍රධානියා බව ද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ප්‍රධානියා බව ද මම ඔබට දන්වනු කැමැත්තෙමි.
එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුව ය. හැම දෙනාට ම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේ ය. ඉන්පසු ව, උන් වහන්සේගේ ආගමනයේ දී උන් වහන්සේ සන්තක අය ය.
සියල්ල ක්‍රිස්තුන් වහන්සේට යටත් කරනු ලැබූ විට පුත්‍රයාණන් වහන්සේ ද, සියල්ල තමන්ට යටත් කළ දෙවියන් වහන්සේට යටත් කරනු ලබන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රමයෙන් වැජඹෙන පිණිස ය.
වහලෙකු ව සිටිය දී සමිඳාණන් වහන්සේගෙන් කැඳවීම ලැබූ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ නිවහලෙකි. එසේ ම නිවහල් ව සිටිය දී කැඳවීම ලැබූ තැනැත්තා ක්‍රිස්තුන් වහන්සේගේ වහලෙකි.
අපට ඇත්තේ එක ම දෙවි වන පියාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේ උන් වහන්සේ ය. අප ජීවත් වන්නේත් උන් වහන්සේ උදෙසා ය. තවද, අපට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් නම් එක ම සමිඳාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේත්, අප ජීවත් වන්නේත් උන් වහන්සේ කරණකොටගෙන ය.
කරුණු ඇති සැටි සිතා බලන්න. යමෙක් තමා ක්‍රිස්තුන් වහන්සේට අයිති යයි සිතාගනී නම්, ඔහු මෙන් අපත් ක්‍රිස්තුන් වහන්සේට අයිති බව සිතට ගනීවා.
ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශයට අයිති ව, පොරොන්දුව ලෙස උරුමක්කාරයෝ ද වන්නහු ය.
ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත.
දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රාය නම්, නියමිත කාලයේ දී ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, එනම් මුළු විශ්වයෙහි ඇති සියල්ල, ක්‍රිස්තුන් වහන්සේ යටතේ එක්සත් කිරීම ය.