1 කොරින්ති 16:4 - Sinhala New Revised Version ඒ ගමන යෑම සුදුසු යයි මටත් පෙනේ නම් ඔවුන් ද මා සමඟ යනු ඇත. සිංහල කාලීන පරිවර්තනය ඒ ගමනට මාගේ යෑම ද යෝග්‍යයැයි පෙනේ නම්, ඔවුන් මා සමඟ යනු ඇත. Sinhala New Revised Version 2018 ඒ ගමන යෑම සුදුසු යයි මටත් පෙනේ නම් ඔවුන් ද මා සමඟ යනු ඇත. Sinhala Revised Old Version මාත් යෑම යෝග්‍ය නම් ඔවුන් කැඳවාගන යන්නෙමි. |
මා පැමිණි විට ඔබ දෙන පඬුර ජෙරුසලමට ගෙන යන පිණිස සුදුස්සන් යයි ඔබ අනුමත කරන තැනැත්තන් මගේ ලියුම් ඇතිව, එහි යවන්නෙමි.
එපමණක් නොව, සමිඳාණන් වහන්සේගේ මහිමය උදෙසා ද අපගේ උද්‍යෝගයේ සාක්ෂියක් වශයෙන් ද පුදන මේ දීමනාව අප සමඟ ගෙන යන පිණිස අපේ සහකාරයා වීමට සභාවන් මඟින් ඔහු පත් කර ඇත.
තවද, සැදැහැවතුන්ට උපස්ථාන කිරීමට පංගුකාර වීමේ වරප්‍රසාදය ඔව්හු අපගෙන් උදක් ම ඉල්ලා සිටියහ.