ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.”
1 කොරින්ති 16:11 - Sinhala New Revised Version එබැවින් කිසිවෙක් ඔහු හෙළා නොදකී වා. ඔහු මා වෙත එන පිණිස, ඔහුගේ ගමන සතුටු සිතින් යාමට කටයුතු කරන්න. මන්ද, මම සහෝදරයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි. සිංහල කාලීන පරිවර්තනය එබැවින් කිසිවකු ඔහු සුළු කොට නො සලකත්වා; මා වෙත සාමයෙන් ආපසු එන පිණිස, ඔහුගේ ගමනට උපකාර කරන්න; සෙසු සහෝදරයින් සමඟ ඔහුගේ පැමිණීම මම බලාපොරොත්තුව සිටිමි. Sinhala New Revised Version 2018 එබැවින් කිසිවෙක් ඔහු හෙළා නොදකී වා. ඔහු මා වෙත එන පිණිස, ඔහුගේ ගමන සතුටු සිතින් යාමට කටයුතු කරන්න. මන්ද, මම සහෝදරයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි. Sinhala Revised Old Version එබැවින් කිසිවෙක් ඔහු සුළුකොට නොසිතාවා. නුමුත් ඔහු මා ළඟට එන පිණිස සමාදානයෙන් ඔහුගේ ගමනෙහි යවන්න. මක්නිසාද ඔහු සහෝදරයන් සමඟ එනවා බලා සිටිමි. |
ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.”
මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.
ඔවුන් කලක් එහි නැවතී සිටි පසු සහෝදරයෝ ඔවුනට දේව පිහිට පතා, ඔවුන් එවූ අය වෙත ආපසු යැවූ හ. එහෙත්
තිමෝතියස් පැමිණියහොත් ඔහුට කිසි බියක් නැති ව ඔබ අතර නැවතී සිටීමට ඉඩ සලසන්න. මන්ද, ඔහු මා වාගේ ම සමිඳාණන් වහන්සේගේ සේවකයෙකි.
සමහරවිට ටික කලක්, නැත්නම් මුළු ශීත කාලය වුව ද, ඔබ සමඟ නවතින්නෙමි. එවිට මා කොහේ ගියත් මගේ ගමනට ඔබට ආධාර දිය හැකි ය.
මසිදෝනියට යන ගමනේ දී ද ආපසු එන විට ද ඔබ දැකබලාගැනීමට මම අදහස් කෙළෙමි. තවද ජුදයට මා යන ගමනේ දී ඔබගෙන් ආධාර ලබාගන්නට මම බලාපොරොත්තු වෙමි.
එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය.
ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න.
සම්පූර්ණ බලය ඇති ව මේ දේවල් උගන්වන්න, අනුශාසනා කරන්න, තරවටු කරන්න, ඔබ සුළු කොට සිතන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.
ඔව්හු ඔබේ මේ ප්‍රේමය ගැන සභාව ඉදිරිපිට සාක්ෂි දැරූහ. ඔවුන්ගේ ගමනේ දී අප සේවය කරන දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස ඔවුන්ට උපකාර කරන්න.