1 කොරින්ති 15:55 - Sinhala New Revised Version “එම්බා මරණය, තාගේ ජය කොයි ද? එම්බා මරණය, තාගේ විෂ දළය කොයි ද?” සිංහල කාලීන පරිවර්තනය “එම්බා මරණය, තගේ ජය කොහි ද? එම්බා මරණය, තගේ විස දළ කොහි ද?” Sinhala New Revised Version 2018 “එම්බා මරණය, තාගේ ජය කොයි ද? එම්බා මරණය, තාගේ විෂ දළය කොයි ද?” Sinhala Revised Old Version එම්බා මරණය, නුඹේ ජය කොයිද? එම්බා මරණය, නුඹේ කටුව කොයිද? |
ජීවමාන කවරෙක් නම්, මරණයට ගොදුරු නොවන්නේ ද? පාතාල ලෝකයේ බලයෙන් කවරෙක් තමා ම මුදාගන්නේ ද?
ඉතින්, මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට ඇත්තේ එක ම ඉරණමකි. තිරිසනා මෙන් ම මිනිසාත් මරණයට පත් වෙයි. මේ දෙගොල්ල ම මවා ඇත්තේ එක අයුරිනි. මෙසේ තිරිසනාට වඩා විශේෂ වාසියක් මිනිසාට නැත. හැම දෙය ම නිස්සාර ය.
මරණයෙන් වැළකීමට වත්, මරණය කල් දැමීමට වත් කෙනෙකුට නොහැකි ය. සටනෙන් මිදීමකුත් නැත; දුෂ්ටයාට, දුෂ්ටකම නිසා නිදහස්වීමක් නැත.
මම මේ සෙනඟ පාතාලයෙන් ගළවන්නෙම් ද? මරණ බලයෙන් මුදන්නෙම් ද? එම්බා මරණය! ඔබේ වසංගතය කොහේ ද? එම්බා පාතාලය! ඔබේ විනාශය කොහේ ද? මොවුන් කෙරෙහි මට අනුකම්පාවක් නැත.
ඔහු ආත්ම භවනෙහි වධ විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් ද ඔහුගේ තුරුල්ලේ හුන් ලාසරස් ද දුරින් දැක,
මන්ද, ඔබ වහන්සේ, මාගේ ජීවිතය පාතාලයේ දමන්නේ වත්, ඔබගේ දැහැමි තැනැත්තා ජරාපත් වන්නට ඉඩ දෙන්නේ වත් නැත.
එසේ ව තිබියදීත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කෙළේ ය. ආදම් වනාහි එන්නට සිටින තැනැන් වහන්සේ පිළිබඳ පූර්ව ආදර්ශයක් විය.
ගෝනුස්සන්ගේ මෙන් වලිග සහ දළ ඔවුන්ට ඇත. මනුෂ්‍යයන්ට පස් මසක් පීඩා කිරීමේ බලය උන්ගේ වලිගවල පිහිටා තිබිණි.