Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:55 - Sinhala Revised Old Version

55 එම්බා මරණය, නුඹේ ජය කොයිද? එම්බා මරණය, නුඹේ කටුව කොයිද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

55 “එම්බා මරණය, තාගේ ජය කොයි ද? එම්බා මරණය, තාගේ විෂ දළය කොයි ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

55 “එම්බා මරණය, තගේ ජය කොහි ද? එම්බා මරණය, තගේ විස දළ කොහි ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

55 “එම්බා මරණය, තාගේ ජය කොයි ද? එම්බා මරණය, තාගේ විෂ දළය කොයි ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:55
16 හුවමාරු යොමු  

මම ඔවුන් මිනීවළේ බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි. එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ, නුඹේ විනාශය කොතැනද? පසුතැවිල්ල මාගේ ඇස්වලින් සැඟවී තිබෙයි.


එසේවී නුමුත් ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වරදකිරීමේ ආකාරයෙන් පව් නොකළවුන් කෙරෙහි පවා මරණය රජකම්කෙළේය. ඒ ආදම් වනාහි එන්නාවූ තැනන්වහන්සේගේ ආදර්ශයක්ය.


මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්ටවත් ඔබගේ ශුද්ධ තැනන්වහන්සේ කුණු වෙන්ටවත් ඉඩ නොදෙනසේක.


මරණය නොදැක ජීවත්වෙන, ෂෙයෝලේ බලයෙන් ස්වකීය ප්‍රාණය ගළවාගන්න මනුෂ්‍යයා කවරේද?


උන්වහන්සේද: මම වනාහි නුඹ පීඩාකරන යේසුස්ය.


ප්‍රාණය නවත්වාගන්න හැටියට ප්‍රාණය කෙරෙහි බලය ඇති කෙනෙක් නැත; මරණයේ දවස කෙරෙහි බලය ඇති කෙනෙකුත් නැත; ඒ යුද්ධයෙන් මිදීමකුත් නැත. දුෂ්ටකම්කරන්නාද දුෂ්ටකම නිසා නිදහස්වෙන්නේ නැත.


ඔහු හේදිසියෙහි වධවිඳිමින්, ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ළැපැත්තේ හුන් ලාසරුස්ද දුර සිට දැක,


මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධවෙන්නේ තිරිසනුන්ට සිද්ධවෙන දේමය; ඔවුන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ය. උන් නසින්නාක්මෙන් ඔව්හුත් නසින්නෝය; එසේය, සියල්ලන්ටම ඇත්තේ එක හුස්මය; මෙසේ තිරිසනුන්ට වඩා මනුෂ්‍යයාට වාසියක් නැත. මක්නිසාද සියල්ලම නිෂ්ඵලකමක්ය.


ගෝනුස්සන්ට මෙන් වල්ගාද කටුද උන්ට තිබේ; මනුෂ්‍යයන්ට පස් මසක් අනතුරුකරන්ට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගාවලය.


මරණයේ කටුව නම් පාපයය; පාපයේ බලය නම් ව්‍යවස්ථාවය.


උගේ බෙල්ලෙහි බලය රඳා තිබේ, ඌ ඉදිරියෙහි භීතිය නටන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්